ඉශ්රායෙල්වරුන් විසින් කරනු ලැබිය යුතු දේ කිමෙක් දැ යි දැනෙන හැටියට සටනට පිවිසෙන වකවානු තේරුම් ඇති ඉස්සාකර්ගේ ගෝත්‍රවල ප්‍රධානියෝ දෙසියදෙනෙක් ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝ ද ඔවුන්ගේ අණට යටත් ව සිටියෝ ය.
එස්තර් 1:13 - Sinhala New Revised Version එවිට රජ තෙමේ නීතිය හොඳින් දත් නැණවතුන්ට කතා කෙළේ ය. එසේ කෙළේ, නීතියත්, ආගමත් පිළිබඳ කටයුතු මනා ලෙස දත් සියලු දෙනාගෙන් කරුණු විමසීම රජුගේ පුරුද්ද වී තිබුණ බැවිනි. Sinhala Revised Old Version එවිට රජ කාලයන් දන්නාවූ ප්‍රඥාවන්තයන්ට කථාකොට: අහෂ්වේරොෂ් රජ නපුංසකයන් අත කියා ඇරිය ආඥාව වස්තී බිසව ඉෂ්ටනොකළ බැවින් නීතිය ප්‍රකාරයට ඈට මක්කළයුතුදැයි ඇසුවේය. |
ඉශ්රායෙල්වරුන් විසින් කරනු ලැබිය යුතු දේ කිමෙක් දැ යි දැනෙන හැටියට සටනට පිවිසෙන වකවානු තේරුම් ඇති ඉස්සාකර්ගේ ගෝත්‍රවල ප්‍රධානියෝ දෙසියදෙනෙක් ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝ ද ඔවුන්ගේ අණට යටත් ව සිටියෝ ය.
සාබුලොන්වරුන්ගෙන් සියලු ආකාර යුද්ධායුධ ඇති ව, යුද්ධ පිළිවෙළට පැමිණ තිර සිත් ඇති ව පිළිවෙළින් සිටින්න පුළුවන් වූ අය පණස්දහසක් ය.
එහෙත්, නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු ව රජු වෙත එන්නට වස්තී බිසව අකමැති වූවා ය. එබැවින් රජ තෙමේ තදින් කිපිණි. ඔහු කෝපාග්නියෙන් දැවිණි.
ජාතීන්ගේ නිරිඳාණෙනි, ඔබට බිය නොවන්නේ කවරේ ද? බිය විය යුත්තේ ඔබට පමණ ය. ජාතීන් අතර ද සියලු රාජ්‍යයන්හි ද සියලු පැණවතුන් අතර ද ඔබට සම කිසිවෙක් නැත.
එවිට රජතුමා අතිශයෙන් කෝපාවිෂ්ඨ වී බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මරාදමන්න නියම කෙළේ.
එවිට රජු දුටු ස්වප්නය ඔහුට දන්වන පිණිස මන්ත්‍රකාරයන් ද අනවිනකාරයන් ද මායාකාරයන් ද කල්දිවරුන් ද කැඳවන්න රජතුමා අණ කෙළේ ය.
දානියෙල් රජුට පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජතුමා විමසා ඇති අබිරහස පහදාදීමට ශාස්ත්‍රවන්තයන්ටත්, අනවිනකාරයන්ට වත්, මන්ත්‍රකාරයන්ට වත්, පේන කියන්නන්ට වත් නොහැකි ය.
එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය.
උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන.
හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්,