Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:32 - Sinhala New Revised Version

32 ඉශ්රායෙල්වරුන් විසින් කරනු ලැබිය යුතු දේ කිමෙක් දැ යි දැනෙන හැටියට සටනට පිවිසෙන වකවානු තේරුම් ඇති ඉස්සාකර්ගේ ගෝත්‍රවල ප්‍රධානියෝ දෙසියදෙනෙක් ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝ ද ඔවුන්ගේ අණට යටත් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ඉශ්රායෙල්වරුන් විසින් කරනු ලැබිය යුතු දේ කිමෙක් දැ යි දැනෙන හැටියට සටනට පිවිසෙන වකවානු තේරුම් ඇති ඉස්සාකර්ගේ ගෝත්‍රවල ප්‍රධානියෝ දෙසියදෙනෙක් ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝ ද ඔවුන්ගේ අණට යටත් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 ඉශ්‍රායෙල්වරුන් විසින් කළ යුතු දේ කිමෙක්දැයි දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තාවූ ඉස්සාඛර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද දෙසිය දෙනෙක්ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අණට යටත්ව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:32
15 හුවමාරු යොමු  

එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න.


එවිට රජ තෙමේ නීතිය හොඳින් දත් නැණවතුන්ට කතා කෙළේ ය. එසේ කෙළේ, නීතියත්, ආගමත් පිළිබඳ කටයුතු මනා ලෙස දත් සියලු දෙනාගෙන් කරුණු විමසීම රජුගේ පුරුද්ද වී තිබුණ බැවිනි.


එතුමාණෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක. එතුමාණෝ නිරන්තරයෙන් සිය සෙනඟ ආරක්ෂා කොට ප්‍රඥාවත්, දැනගැන්මත් ඔවුන්ට දෙන සේක. සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔව්හු උසස් වස්තුවක් සේ අගය කරති.


උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන.


ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.


නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.


පැණවතා බලවතාට වඩා උදාර ය. බුද්ධිමතා ශක්තිමතාට වඩා ශ්‍රේෂ්ඨ ය.


ඉස්සාකර් සවි බලැති කොටළුවෙකි, ඔහු සෑදල මැද දිගා වී ලගියි.


සමිඳාණන් වහන්සේ නගරයට මොරගසා මෙසේ වදාරන සේක: “සමිඳාණන් වහන්සේට ගරුබිය පෑම ඥානවන්ත ය. නාගරිකයෙනි, ගෝත්‍රිකයෙනි, සවන් දෙන්න.


යුද්ධායුධවලට වඩා ප්‍රඥාව අගනේ ය. එහෙත්, එක පව්කාරයෙකුට හොඳ දේවල් රැසක් බිඳදැමිය හැකි ය.


දාවිත් රජකමට පත් කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහඅටදාහක් ය.


ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”


ඔවුන් සමඟ තමන්ගේ පරම්පරා වශයෙන් ද තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ද ගණනින් තිස්හයදහසක් වූ යුද්ධ හමුදාවල් සිටියෝ ය. ඔවුන්ට බොහෝ භාර්යාවෝ සහ පුත්‍රයෝ වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්