තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.
එසකියෙල් 9:9 - Sinhala New Revised Version එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති. Sinhala New Revised Version 2018 එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති. Sinhala Revised Old Version එවිට උන්වහන්සේ: ඉශ්‍රායෙල් සහ යූදා වංශයේ අයුතුකම ඉතාම මහත්ය, දේශය ලෙයින් පිරී තිබේ, නුවරද අයුක්තියෙන් පිරී තිබේ. මක්නිසාද–ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේක කියාද උන්වහන්සේ නොදක්නාසේක කියාද ඔව්හු කියති. |
තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.
ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය.
එහෙත් ඔබ, මෙසේ කියන්නෙහි ය: ‘දෙවිඳාණෝ කුමක් දන්න සේක් ද? විනිශ්චයක් කිරීමට ගන’ඳුර බිඳ බලනු ඇද් ද?’
“දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.
“සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය.
අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.
තමන්ගේ අදහස් සඟවාගන්න උත්සාහ කරන අයට වන විපතක මහත! ඔව්හු රහසේ තමන්ගේ උපායයන් යොදමින්, කිසිවෙකු ඔවුන් දකින්නේ වත්, ඔවුන් කරන දේ දැන ගන්නේ වත් නැතැ යි සිතති.
නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය. නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය.
එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”
ඇගේ එදිරිකාරයෝ දැන් ඇගේ ස්වාමිවරුන් වී සිටිති. ඇගේ සතුරෝ සෞභාග්‍යය භුක්ති විඳිති. එසේ වූයේ, ඇගේ අපරාධ රාශිය නිසා සමිඳාණන් ඈට පීඩා කළ බැවිනි. පීඩා කරන්නා විසින් පලවා හරිනු ලැබූ ඇගේ දරුවන් ඈ අත්හැර ගොස් ඇත.
“සියල්ල වියවුල් ය. මන්ද, දේශය මිනීමැරීමේ අපරාධයෙන් පිරී තිබේ. නුවරත් බලහත්කාරකම්වලින් පිරී තිබේ.
එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ඇති ගබඩාවල දී කරන දේ දුටුවෙහි ද? කුමක් නිසා ද ‘සමිඳාණන් වහන්සේ අප දකින්නේ නැත; සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේකැ’යි ඔව්හු කියති”යි මට වදාළ සේක.
එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? ජුදා සෙනඟ දේශය පුරා සැහැසිකම් කරමින් ඔවුන් මෙහි කරන නීච පිළිකුල් ක්‍රියා සුළු දෙයකැ යි ඔව්හු සිතත් ද? ඔව්හු මාගේ කෝපය සංසිඳුවන්න උත්සාහ කරන නමුත්, මා වඩ වඩා ප්‍රකෝප කරති.
නීතිය දුර්වල වී ඇත. යුක්තිය කිසි කලෙක ඉටු නොවේ. දුෂ්ටයන් ධර්මිෂ්ඨයන් යටපත් කර ඇත. යුක්තිය නොපිට පෙරළා ඇත.
“ඒ කාලයේ දී මම පහනක් දල්වා ජෙරුසලම සෝදිසිකර, ‘සමිඳාණන් වහන්සේ යහපතක් වත්, නපුරක් වත් කරන එකක් නැතැ’යි කියමින් උදාසීන ව සැපපහසුකමින් කල් යවන සියලු දෙනාට දඬුවම් කරමි.
මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”
එහෙත් එතුමන්ගේ සෙනඟ, දූෂ්‍ය වී ඇත; දෙවි දරුකම ඔවුන්ට නැත; වංක, අදමිටු පරපුරක් වී ඇත.