Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 9:8 - Sinhala New Revised Version

8 ඔවුන් පහර දෙද්දී මම පමණක් නැවතී සිටියෙමි. මම ද මුණින්තළා වී, “අහෝ, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබේ කෝපය ජෙරුසලම පිට වගුරුවන අතර, ඉශ්රායෙල්වරුන්ගේ ඉතිරි ව සිටින සියල්ලන් ම ඔබ නාස්ති කරන සේක් දැ”යි මොරගසා ඇසුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔවුන් පහර දෙද්දී මම පමණක් නැවතී සිටියෙමි. මම ද මුණින්තළා වී, “අහෝ, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබේ කෝපය ජෙරුසලම පිට වගුරුවන අතර, ඉශ්රායෙල්වරුන්ගේ ඉතිරි ව සිටින සියල්ලන් ම ඔබ නාස්ති කරන සේක් දැ”යි මොරගසා ඇසුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔවුන් පහරදෙද්දී මම ඉතිරිවී මුහුණින් වැටී: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔබගේ කෝපය යෙරුසලම පිට වගුරුවන අතර ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතිරිව සිටින සියල්ලන්ම ඔබ නාස්තිකරනසේක්දැයි කියා මොරගැසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 9:8
16 හුවමාරු යොමු  

ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, “සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද?


දාවිත් තමාගේ හිස ඔසවා සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද ජෙරුසලම් කෙරෙහි දිගු කරගෙන පොළොවටත් අහසටත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඳගෙන සිටි දාවිත් ද ප්‍රජා මූලිකයෝ ද මුණින්තළා වැටුණෝ ය.


“සවස පූජාව පවත්වන වේලාව පැමිණි විට, මම මාගේ සිහි නැති භාවයෙන් නැඟිට, ඉරාගත් මාගේ වස්ත්‍රය ද මාගේ සළුව ද ඇති ව දණින් වැටී, මාගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතා කොට,


එවිට මම මෙසේ කීවෙමි: “අහෝ දෙවි ස්වාමීන් වහන්ස, දිවැසිවරු සෙනඟ අමතා, ඔබ වහන්සේ ඔවුන්ට මේ ස්ථානයේ දී තිර සාමදානය දෙන බැවින්, ඔවුන් කඩුව දකින්නේ වත්, සාගතයෙන් පෙළෙන්නේ වත් නැතැ යි කියති.”


“සමිඳුනි, ඔබ මුළුමනින් ම ජුදා ප්‍රතික්ෂේප කළ සේක් ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් වී සිටිත් ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන් ද? අපි ද සාමදානය ගැන බලා සිටියෙමු; එහෙත්, කිසි හොඳක් නො වී ය; සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත් මෙන්න, භීතිය පමණක් ඇති වී තිබේ.


එවිට මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේ ජෙරුසලම් ජනයා සහමුලින් ම රැවටූ සේක: මන්ද, ‘සාමය ඇති වන්නේ ය’යි ඔබ වදාළ නමුත්, දැන් ඔවුන්ගේ ගෙලට කඩුව එල්ල වී ඇතැ”යි කීවෙමි.


මා විසින් එසේ දිවැස් වැකි කියද්දී බෙනායාගේ පුත් පෙලතියා මැරී වැටුණේ ය. එවිට මම මුණින් වැටී, “අනේ! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ නැත්තට ම නැතිකරන සේක් දැ”යි මහා හඬින් මොරගසා ඇසීමි.


එවිට මම පිළිතුරු දෙමින්, “අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි.


“දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹලා පිට වගුරුවා, මාගේ උදහස නුඹලා කෙරෙහි පමුණුවන්නෙමි. නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.


එවිට මෝසෙස් සහ ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව ම ඉදිරියෙහි මුණින්තලා වැටුණාහ.


මෙය ඇසූ මෝසෙස් මුණින්තලා වැටිණි.


“සැණෙකින් මම මොවුන් වනසාලන්නට යමි. එබැවින් මේ ජනතාවගෙන් ඉවතට යන්නැ”යි වදාළ සේක. ඔව්හු මුණින්තලා වැටුණාහ.


එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි.


ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්