එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.
එසකියෙල් 8:18 - Sinhala New Revised Version එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක. Sinhala Revised Old Version එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක. |
එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.
මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.
නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.
එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි.
‘මම ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් නගරය ද ඔවුන් ද සහමුලින් ම උදුරාදමා මා කෙරෙන් ඉවතට විසි කරන්නෙමි’යි ඔවුන්ට කියන්න.
එසේ වූයේ, ඔවුන් වත්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් නොඇදහූ අන් දෙවිවරුන්ට සේවය කිරීමෙන් හා සුවඳ දුම් පිදීමට යාමෙන්, මා කෝප කරවන ලෙස නුඹලා කළ නුඹලාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.
ඒ නිසා මාගේ උදහස ද කෝපය ද ජුදාහි නගර පිටත්, ජෙරුසලමේ වීදිවලත් වගුරුවා මම ඒවා ගිනි ලෑවෙමි. ඒවා නැතිනාස්ති වී තිබෙන අයුරු අද වුව ද දක්නට ලැබේ.
ඇගේ එදිරිකාරයෝ දැන් ඇගේ ස්වාමිවරුන් වී සිටිති. ඇගේ සතුරෝ සෞභාග්‍යය භුක්ති විඳිති. එසේ වූයේ, ඇගේ අපරාධ රාශිය නිසා සමිඳාණන් ඈට පීඩා කළ බැවිනි. පීඩා කරන්නා විසින් පලවා හරිනු ලැබූ ඇගේ දරුවන් ඈ අත්හැර ගොස් ඇත.
සමිඳාණෝ තමන් යෝජනා කළ දේ ඉටු කළ සේක. එතුමාණෝ පුරාණයේ සිට නියම කර තිබුණු තර්ජන ක්‍රියාත්මක කළ සේක. එතුමාණෝ අනුකම්පා විරහිත ව ඔබ විනාශ කළ සේක. සතුරා ඔබට විරුද්ධ ව සන්තෝෂ වන්න සලස්වා, ඔබේ එදිරිකාරයන්ගේ බලය වැඩි කළ සේක.
මෙසේ නුඹට විරුද්ධ ව ඇති මාගේ උදහස ද මාගේ ඊර්ෂ්‍යාව ද නුඹ කෙරෙන් පහ ව යනු ඇත. මම සන්සුන් ව තවත් උදහස් නොවී සිටින්නෙමි.
මාගේ කෝපය නුඹට විරුද්ධ ව යොමු කරමි. ඔව්හු ද නුඹ සමඟ උදහසින් ක්‍රියා කොට, නුඹේ නාස් හා කන් කපාදමති. නුඹේ පවුලේ ඉතිරි අය ද කඩු පහරින් හෙළාදමනු ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන් ද නුඹේ දූවරුන් ද පැහැරගෙන යනු ඇත. නුඹේ ඉතිරි දේ ගින්නෙන් නාස්ති වන්නේ ය.
ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;
එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.
මා අසා සිටිය දී උන් වහන්සේ සෙසු අයට කතා කොට, “නුඹලා ඔහු පසුපස නගරය තුළට ගොස් එයට පහර දෙන්න. ඔවුන් දෙස දයාවෙන් නොබලන්න; ඔවුන්ට කරුණා නොකරන්න.
එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසන්නෝ ය. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට පිළිතුරු නොදෙන සේක. බොහෝ නපුරු ක්‍රියා කර තිබෙන බැවින් උන් වහන්සේ ඒ කාලයේ දී ඔවුන් දෙස නොබලන සේක.
සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක.
සියලු බලැති සමිඳාණන් වහන්සේ සෙකරියාට කතා කොට සෙනඟට මෙසේ ප්‍රකාශ කරන ලෙස වදාළ සේක: “ස්වාමීන් වන මම, නුඹලාගේ මුතුන්මිත්තන් ගැන ඉතා අප්‍රසන්න වීමි.
‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.
ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.”