ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 6:5 - Sinhala New Revised Version

ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මළකඳන් ඔවුන්ගේ දේවරූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට නුඹලාගේ පූජාසන වටකරින් විසුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 6:5
6 හුවමාරු යොමු  

ඔහු රූප හා කුළුණු බිඳ, අෂේරා කප් කණු කපාදමා, ඒවා තිබූ තැන් මිනීඇටවලින් පිරෙව්වේ ය.


ජොෂියා එහි කන්දේ තිබූ සොහොන් ගෙවල් දැක, මේ කාරණා ප්‍රකාශකළ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාර ඒවා පූජාසනය පිට පුළුස්සා එය දූෂ්‍ය කෙළේ ය.


පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ. ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක. එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.


ඒ නිසා, එයට තෝපෙත් කියා වත්, බෙන්-හින්නොම් මිටියාවත කියා වත් නොකියන කාලය පැමිණෙන්නේ ය. එයට ‘ඝාතනයේ මිටියාවත ය’යි කියනු ලැබේ. මන්ද, වළලන්නට ඉඩ නැති වන තරම් තෝපෙත්හි මිනී වළලනු ලබන බැවිනි.


“මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනය ඇති ස්ථානය ය. මා වැඩමකරන ස්ථානය ය. මම මෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි. ඉශ්රායෙල් වංශයටත්, ඔවුන්ගේ රජවරුන්ටත් තමන්ගේ වේශ්‍යාකම්වලින් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් වැළලීමෙන් ද මාගේ සුවිශුද්ධ නාමය අපවිත්‍ර කරන්නට තවත් ඉඩ නොදෙන්නෙමි.