ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 48:21 - Sinhala New Revised Version

“විශේෂ ශුද්ධ කොටසටත්, නුවර කොටසටත් දෙපැත්තෙන් එනම්, විශේෂ කොටසේ කිලෝමීටර් දොළහමාර ළඟ සිට නැගෙනහිර සීමාව දක්වා ද බස්නාහිර දෙසට කිලෝමීටර් දොළහමාර ළඟ සිට බස්නාහිර සීමාව දක්වා ද ගෝත්‍රවල කොටස්වලට සමාන්තර ව ඉතිරි වන පංගුව අධිපතියාට වන්නේ ය. ශුද්ධ විශේෂ කොටස ද මාලිගාවේ ශුද්ධස්ථානය ද එහි මැද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“විශේෂ ශුද්ධ කොටසටත්, නුවර කොටසටත් දෙපැත්තෙන් එනම්, විශේෂ කොටසේ කිලෝමීටර් දොළහමාර ළඟ සිට නැගෙනහිර සීමාව දක්වා ද බස්නාහිර දෙසට කිලෝමීටර් දොළහමාර ළඟ සිට බස්නාහිර සීමාව දක්වා ද ගෝත්‍රවල කොටස්වලට සමාන්තර ව ඉතිරි වන පංගුව අධිපතියාට වන්නේ ය. ශුද්ධ විශේෂ කොටස ද මාලිගාවේ ශුද්ධස්ථානය ද එහි මැද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ශුද්ධවූ උපහාරයටත් නුවර කොටසටත් දෙපැත්තෙන් එනම් උපහාරයේ විසිපන් දහස ළඟ සිට නැගෙනහිර සීමාව දක්වාද බස්නාහිර දෙසට විසිපන් දහස ළඟ සිට බස්නාහිර සීමාව දක්වාද [ගෝත්‍ර] කොටස් ළඟ ඉතිරිවෙන පංගු අධිපතියාට වන්නේය. ශුද්ධවූ උපහාරයද ගෘහයේ ශුද්ධස්ථානයද එහි මැද වන්නේය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 48:21
8 හුවමාරු යොමු  

මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය.


විශේෂ කොටස පූජකයන්ට අයිති වන්නේ ය. එනම්, උතුරට කිලෝමීටර් දොළහමාරක් ද බස්නාහිරට කිලෝමීටර් පහක් පළල ද නැගෙනහිරට කිලෝමීටර් පහක් පළල ද දකුණු දෙසට කිලෝමීටර් දොළහමාරක් දිග ද ඇති කොටසක් වන්නේ ය. එය මැද සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේ ය.


“වෙන් කරන ලද මුළු කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ව, කිලෝමීටර් දොළහමාරක් පළල ව තිබිය යුතු ය. එසේ ශුද්ධ විශේෂ කොටස, නුවර කොටස ඇතුළු ව සතරැස් එකක් කොට වෙන් කරන්න.


එසේ අධිපතියාට අයිති කොටසේ මැද තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිට ද නුවර කොටසේ සිට ද ජුදා වංශයේ සීමාවටත්, බෙන්ජමින් වංශයේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේ ය.


“ජුදා දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා වෙන් කළ යුතු විශේෂ කොටස වන්නේ ය. එහි පළල කිලෝමීටර් දොළහමාරක් ද එහි දිග ගෝත්‍රයකට හිමි කොටසට සමාන වූ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ද වන්නේ ය. ශුද්ධස්ථානය එහි මැද වන්නේ ය.


ජුදා ද ඉශ්රායෙල් සෙනඟ ද එක්රැස් වී යළිත් එක ම නායකයෙකු පත් කර ගන්නෝ ය. ඔව්හු නැවත වර්ධනය වී සඵලවත් වන්නෝ ය.