Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:21 - Sinhala Revised Old Version

21 ශුද්ධවූ උපහාරයටත් නුවර කොටසටත් දෙපැත්තෙන් එනම් උපහාරයේ විසිපන් දහස ළඟ සිට නැගෙනහිර සීමාව දක්වාද බස්නාහිර දෙසට විසිපන් දහස ළඟ සිට බස්නාහිර සීමාව දක්වාද [ගෝත්‍ර] කොටස් ළඟ ඉතිරිවෙන පංගු අධිපතියාට වන්නේය. ශුද්ධවූ උපහාරයද ගෘහයේ ශුද්ධස්ථානයද එහි මැද වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 “විශේෂ ශුද්ධ කොටසටත්, නුවර කොටසටත් දෙපැත්තෙන් එනම්, විශේෂ කොටසේ කිලෝමීටර් දොළහමාර ළඟ සිට නැගෙනහිර සීමාව දක්වා ද බස්නාහිර දෙසට කිලෝමීටර් දොළහමාර ළඟ සිට බස්නාහිර සීමාව දක්වා ද ගෝත්‍රවල කොටස්වලට සමාන්තර ව ඉතිරි වන පංගුව අධිපතියාට වන්නේ ය. ශුද්ධ විශේෂ කොටස ද මාලිගාවේ ශුද්ධස්ථානය ද එහි මැද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 “විශේෂ ශුද්ධ කොටසටත්, නුවර කොටසටත් දෙපැත්තෙන් එනම්, විශේෂ කොටසේ කිලෝමීටර් දොළහමාර ළඟ සිට නැගෙනහිර සීමාව දක්වා ද බස්නාහිර දෙසට කිලෝමීටර් දොළහමාර ළඟ සිට බස්නාහිර සීමාව දක්වා ද ගෝත්‍රවල කොටස්වලට සමාන්තර ව ඉතිරි වන පංගුව අධිපතියාට වන්නේ ය. ශුද්ධ විශේෂ කොටස ද මාලිගාවේ ශුද්ධස්ථානය ද එහි මැද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:21
8 හුවමාරු යොමු  

එසේ අධිපතියාට අයිති ඒවාට අතරේ තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිටද නුවර කොටසේ සිටද යූදාගේ සීමාවටත් බෙන්යමින්ගේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේය.


යූදා පුත්‍රයෝද ඉශ්‍රායෙල් පුත්‍රයෝද එක්ව රැස්වී, තමුන්ට එක ප්‍රධානියෙකු පත්කරගන, (වහල්කමේ) දේශයේ සිට නැගී එන්නෝය. මක්නිසාද යෙස්‍රෙයෙල්හි දවස මහත් වන්නේය.


ශුද්ධවූ උපහාරය මොවුන්ට වන්නේය, එනම්, පූජකයන්ට, උතුරට විසිපන් දහසක් දිගද බස්නාහිරට දස දහසක් පළලද නැගෙනහිරට දස දහසක් පළලද දකුණ දෙසට විසිපන් දහසක් දිගද ඇති කොටසක් වන්නේය. ඒක මැද ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේය.


යූදාගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා ඔප්පුකළ යුතු උපහාර කොටස වන්නේය, එහි පළල දඬු විසිපන් දහසක්ද එහි දිග අනික් කොටස්වලින් එකක් වාගේ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වාද වන්නේය; ශුද්ධස්ථානය එහි මැද වන්නේය.


මාගේ සේවකයාවූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය; ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔව්හු මාගේ විනිශ්චයන් ලෙස හැසිර, මාගේ පනත් පවත්වා, ඒවා කරන්නෝය.


මුළු උපහාරය විසිපන් දහසක් දිගව, විසිපන් දහසක් පළලව, තිබිය යුතුය. එසේ ශුද්ධවූ උපහාරය නුවර කොටස ඇතුළුව සතරැස් එකක් කොට ඔප්පු කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්