පිට මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්න නැගෙනහිර පැත්තෙන් ඇතුළු වන තැන ඒවාට යටින් තිබිණි.
පිට-මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්ට නැගෙනහිර පැත්තෙන් ඇතුල්වෙන තැන ඒවාට යටින් තිබුණේය.
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සියලු නීති රීති ගැන ද එහි පිළිවෙළ ගැන ද මා නුඹට කියන සියල්ල ම නුඹ සිතට ගෙන, හොඳින් බලා, සාවධාන ව අසන්න. මාලිගාවට ඇතුළු වන තැනටත්, ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමු කරන්න. මාලිගාවට ඇතුළු වන්නට අවසර ඇති අය ද ශුද්ධස්ථානයෙන් පිටමං කළ යුතු අය ද ගැන සැලකිල්ලෙන් සිටින්න.
එවිට ඒ මිනිසා දොරටුව පැත්තෙන් ඇතුළු වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධ කාමරවලට මා පැමිණෙව්වේ ය. එහි පිටුපස බස්නාහිර දෙසට බිමක් තිබුණේ ය.