ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 41:8 - Sinhala New Revised Version

මාලිගාව වටකර උස් වූ වේදිකාවක් දිටිමි. කාමරවල අත්තිවාරම සම්පූර්ණ මීටර් තුනකින් යුත් ලී දණ්ඩකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාලිගාව වටකර උස් වූ වේදිකාවක් දිටිමි. කාමරවල අත්තිවාරම සම්පූර්ණ මීටර් තුනකින් යුත් ලී දණ්ඩකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

වටකරින් ගෘහයේ උස දුටිමි; කාමරවල අත්තිවාරම මුළු දණ්ඩක්වූ සම්පූර්ණ රියන් හයක්ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 41:8
3 හුවමාරු යොමු  

දේව මාලිගාව පිහිටි භූමියට පිටින් වටේට තාප්පයක් තිබුණේ ය. ඒ මිනිසාගේ අතේ මීටර් තුනක් දිග ඇති මිණුම් දණ්ඩක් විය. මීටර් භාගයක දිග රියනකුත් වියතකි. එවිට ඔහු තාප්පේ පළලත් දිගත් මැන්නේ ය. එහි පළල මීටර් තුනක් ය. උසත් මීටර් තුනකි.


තවද, උන් වහන්සේ මෙසේ වදාළ සේක: “ දේව මාලිගාව මැන්න මිම්ම අනුව ම පූජාසනයේ මිමි මේවා ය: එහි අඩිතාලමේ උස සෙන්ටිමීටර් පණහකි. පළලත් සෙන්ටිමීටර් පණහකි. වටකර එහි ගැටිය අද්දර දක්වා සෙන්ටිමීටර් විසිපහකි.


මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය.