Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 41:7 - Sinhala New Revised Version

7 මහලෙන් මහලට නඟින විට ඒ ඒ පේළියේ කාමර වටකරින් වඩා පළල් ව තිබිණි. මන්ද මාලිගාව වටේට ම ඉහළින් ඉහළට කාමරවලින් වටවී තිබිණි. එබැවින් මාලිගාවේ පළල ඉහළින් වැඩි වී තිබිණි. එසේ යට තට්ටුවේ සිට මැද තට්ටුව මැදින් ඉහළ තට්ටුවට මාලිගාවේ පැත්තක පිහිටි පඩි පෙළින් නඟින්න හැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මහලෙන් මහලට නඟින විට ඒ ඒ පේළියේ කාමර වටකරින් වඩා පළල් ව තිබිණි. මන්ද මාලිගාව වටේට ම ඉහළින් ඉහළට කාමරවලින් වටවී තිබිණි. එබැවින් මාලිගාවේ පළල ඉහළින් වැඩි වී තිබිණි. එසේ යට තට්ටුවේ සිට මැද තට්ටුව මැදින් ඉහළ තට්ටුවට මාලිගාවේ පැත්තක පිහිටි පඩි පෙළින් නඟින්න හැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 කාමරවලට නැගී යන්ට යන්ට වටකරින්ම ඒවා වඩ වඩා පළල්ව තිබුණේය; මක්නිසාද ගෘහය වටකරම ඉහළින් ඉහළට ගෘහය කාමරවලින් වටවී තිබුණේය. එබැවින් ගෘහයේ පළල ඉහළින් වැඩිව තිබුණේය; එසේ යට තට්ටුවේ සිට මැද එක මැදින් ඉහළ එකට නගිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 41:7
4 හුවමාරු යොමු  

ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.


මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය.


එය සියලු ම බීජවලට වඩා කුඩා වුවත්, වැඩුණු කල හැම පලා වර්ගවලට වඩා විශාල වී, අහසේ කුරුල්ලන් අවුත් එහි අතුවල ලැගුම් ගන්න තරම් ලොකු ගසක් වන්නේ ය”යි කී සේක.


එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්