ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 40:48 - Sinhala New Revised Version

ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු ගෘහයේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේය, එක පැත්තක රියන් පහක්ය, අනික් පැත්තෙහි රියන් පහක්ය. දොරටුවේ පළල එක පැත්තක රියන් තුනක්ය, අනික් පැත්තෙහි රියන් තුනක්ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 40:48
5 හුවමාරු යොමු  

මාලිගාවේ ඉදිරියෙන් වූ ප්‍රවේශ ශාලාවේ දිග මාලිගාවේ පළල හැටියට ම මීටර් නවයක් ව ද එහි පළල මාලිගාව ඉදිරිපිට මීටර් හතරයි දශම පහක් ව ද තිබුණේ ය.


ඉස්සරහ තිබුණු ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙස ම මීටර් නවයකි; උස මීටර් පණස්හතරකි. එහි ඇතුළත ඔහු පවිත්‍ර රන් ආලේප කෙළේ ය.


දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය.


ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි.


එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේ ය. එය මීටර් එකක් ය. දොරකඩ දිග මීටර් තුනක් ය, දොරකඩ පළල මීටර් තුනහමාරක් ය.