එහි මුර ගෙවල් ද එහි කණු ද ශාලා ද පෙර ගොඩනැඟිලි ප්‍රමාණයට තිබිණි. එයටත්, එහි ශාලාවලටත් වටකර කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය. පළල මීටර් දොළහමාරකි.
එසකියෙල් 40:24 - Sinhala New Revised Version ඔහු දකුණු පැත්තටත් මා ගෙන ගියේ ය. දකුණු දෙසටත් දොරටුවක් තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. ඒවා පෙර ගොඩනැඟිලිවල මිම්මට සමාන ය. Sinhala New Revised Version 2018 ඔහු දකුණු පැත්තටත් මා ගෙන ගියේ ය. දකුණු දෙසටත් දොරටුවක් තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. ඒවා පෙර ගොඩනැඟිලිවල මිම්මට සමාන ය. Sinhala Revised Old Version ඔහු දකුණු පැත්තටත් මා ගෙනගියේය, දකුණු දෙසටත් දොරටුවක් තිබුණේය. ඔහු ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය. |
එහි මුර ගෙවල් ද එහි කණු ද ශාලා ද පෙර ගොඩනැඟිලි ප්‍රමාණයට තිබිණි. එයටත්, එහි ශාලාවලටත් වටකර කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය. පළල මීටර් දොළහමාරකි.
ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට අවුත්, එහි පඩිවලින් නැඟී එළිපත්ත මැන්නේ ය. එය මීටර් තුනක් උස ය.
“එහෙත්, දේශයේ සෙනඟ නියම කාලවල දී සමිඳාණන් වහන්සේ ඉදිරියට ඇතුළු වන කල, නමස්කාර කරන්න උතුරු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය දකුණු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. දකුණු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. කවුරු නමුත්, ඇතුළු වන ද්වාර මණ්ඩපයෙන් හැරී නොගොස් ඊට ඉදිරියට ගමන් කළ යුතු ය.