Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 46:9 - Sinhala New Revised Version

9 “එහෙත්, දේශයේ සෙනඟ නියම කාලවල දී සමිඳාණන් වහන්සේ ඉදිරියට ඇතුළු වන කල, නමස්කාර කරන්න උතුරු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය දකුණු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. දකුණු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. කවුරු නමුත්, ඇතුළු වන ද්වාර මණ්ඩපයෙන් හැරී නොගොස් ඊට ඉදිරියට ගමන් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “එහෙත්, දේශයේ සෙනඟ නියම කාලවල දී සමිඳාණන් වහන්සේ ඉදිරියට ඇතුළු වන කල, නමස්කාර කරන්න උතුරු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය දකුණු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. දකුණු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. කවුරු නමුත්, ඇතුළු වන ද්වාර මණ්ඩපයෙන් හැරී නොගොස් ඊට ඉදිරියට ගමන් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුමුත් දේශයේ සෙනඟ නියම කාලවලදී ස්වාමීන්වහන්සේ ඉදිරියට ඇතුල්වෙන කල නමස්කාර කරන්ට උතුරු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය දකුණු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය; දකුණු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය. කවුරු නුමුත් ඇතුල්වෙන දොරටුවේ මාර්ගයෙන් හැරී නොගොස් ඊට ඉදිරිපිටින් පිටතට යා යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 46:9
15 හුවමාරු යොමු  

“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් රොටි මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය.


ඔව්හු වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝ ය; සියොන් කන්දෙහි වැඩ සිටින දේවාතිදෙවිඳුන් දකින්නෝ ය.


“අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය.


ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම්, ඔහු ගැන මට සතුටක් නැත.”


“ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.


ඒවා ගමන් ගත්විට කිනම් අතකට වත් නොහැරී ඒවායේ පැති සතරෙන් එක දිශාවකට ගමන් ගත්තේ ය.


ඔව්හු එක එකා කෙළින් ඉදිරියට ගියෝ ය. ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ මේ අත නොහැරී ඔව්හු ගමන් කළහ.


එකල උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උතුරට තිබෙන දොරටුවේ දොරකඩට මා ගෙනා සේක. එවිට ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන අඬමින් එහි ඉඳගෙන සිටිනු දිටිමි.


ඔහු දකුණු පැත්තටත් මා ගෙන ගියේ ය. දකුණු දෙසටත් දොරටුවක් තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. ඒවා පෙර ගොඩනැඟිලිවල මිම්මට සමාන ය.


මම සමිඳුන් අබිමුවට කුමක් රැගෙන පැමිණෙම් ද? සගයේ දෙවිඳුන් හට කෙසේ නමදිම් ද? දවන යාග පූජා ද අවුරුද්දක් වයසැති එළ වස්සන් ද රැගෙන පැමිණෙම් ද?


පූජා කිරීමට කැප කළ බැටළු රැළ මෙන්, ජෙරුසලමේ නියමිත මංගල්‍යවල දී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නගර ජන සමූහයෙන් පිරෙනු ඇත. ඔවුන් ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.”


පැමිණිල්ලක් ගැන නම්, ඔව්හු ම විනිශ්චය කිරීමට සිට, මාගේ විනිශ්චයයන් හැටියට එය විනිශ්චය කරත් වා. මාගේ ව්‍යවස්ථා ද මාගේ නියෝග ද මාගේ සියලු නියමිත මංගලවල දී ඔව්හු රක්ෂා කරත් වා. මාගේ සබත් දවස් ද ශුද්ධ කොට පවත්වත් වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්