ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 40:16 - Sinhala New Revised Version

ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 40:16
29 හුවමාරු යොමු  

වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.


ඔලීව ලීවලින් සෑදූ ඒ දොරවල් දෙකේ ඔහු කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කැටයම් කර, රන් ආලේප කර, කෙරුබ්වරුන්ගේ රූප හා තල් ගස් පිටත් රන් ගෑවේ ය.


ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.


ඔහු මාලිගාවට ගරාදි සවිකරන ලද කවුළු සෑදුවේ ය.


ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.


ඔහු ලොකු මාලිගාවේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි පෙරූ රත්රන් ආලේප කොට, ඒ මතු පිට තල්ගස් ද දම්වැල් ද සාදා,


දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.


මුර කාමරය ඉදිරිපිට මීටර් භාගයක ගරාදි වැටක් තිබුණේ ය. අනික් පැත්තේ ද මීටර් භාගයක් දිග ගරාදි වැටක් තිබුණේ ය. මුර කාමරයක එක පැත්තක් මීටර් තුනක් ද අනික් පැත්ත මීටර් තුනක් ද බැගින් විය.


ඇතුළු වන දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුළු ප්‍රවේශ ශාලාවේ ඉස්සරහ පැත්ත දක්වා මීටර් විසිපහකි.


ඒ කවුළු මෙන් ම වටකර මෙයටත්, මෙහි ශාලාවලටත් කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි.


එයට නඟින්නට පඩි සතක් තිබිණි. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබිණි. එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් එහි කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.


එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි;


වටකර ම ශාලා තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි.


එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවලට තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද තිබිණි.


එහි මුර ගෙවල් ද එහි කණු ද ශාලා ද පෙර ගොඩනැඟිලි ප්‍රමාණයට තිබිණි. එයටත්, එහි ශාලාවලටත් වටකර කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය. පළල මීටර් දොළහමාරකි.


එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද විය.


එය සහ එහි මුර ගෙවල් ද එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. වටකර ඊට කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි.


එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද ඒකට නඟින්නට පඩි අටක් ද විය.


එහි එක එක මුර කාමරයේ දිග මීටර් තුනකි. පළලත් මීටර් තුනකි. මුර කාමර අතර පරතරය මීටර් දෙකහමාරකි. දොරටුවේ ඇතුළු පැත්තේ එළිපත්තේ සිට ප්‍රවේශ ශාලාවේ දිග මීටර් තුනකි.


එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි.


බිත්තිවල සාදා තිබුණාක් මෙන් දේව මාලිගාවේ දොරවල් පිටත් කෙරුබ්වරුන් සහ තල් ගස් සාදා තිබිණි. ශාලාව ඉස්සරහ පිටතින් ඝන ලීවලින් තැනූ උඩු වියනක් තිබිණි.


ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි.


එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේ ය. එය මීටර් එකක් ය. දොරකඩ දිග මීටර් තුනක් ය, දොරකඩ පළල මීටර් තුනහමාරක් ය.


ඇතුළු මළුවේ මීටර් දහයකට ඉදිරිපිටත්, පිට මළුවේ ගල් බිම ඉදිරිපිටත් නවාතැන් ශාලාවක් බැගින් මහල් තුනක් තිබිණි.


ජෙරුසලමෙහි බැටළු දොරටුව ළඟ, හෙබ්‍රෙව් බසින් ‘බෙතෙස්දා’ යයි නම් ලත් පොකුණක් විය. එය අවට ද්වාර මණ්ඩප පහක් විය.


දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලි ව පෙනෙන්නේ ය. මතු අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණ ය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය.


ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.