ඉන්පසු ඔහු කන්ද මත යාග පූජාවක් පිදූ පසු, ආහාර අනුභව කිරීමට සිය පිරිස කැඳෙව්වේ ය. ඔව්හු ද ආහාර අනුභව කොට කන්ද මත මුළු රාත්‍රිය ම ගත කළහ.
එසකියෙල් 39:17 - Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ සියලු ආකාර පක්ෂීන්ට ද වනයේ සියලු මෘගයන්ට ද කතා කොට, තෙපි රැස් වී වරෙන්න, මා ඉශ්රායෙල් කඳු පිට තොප උදෙසා සූදානම් කරන මහා පූජාවක් වන මාගේ පූජාව වටා හාත්පසින් එකතු වී, මස් කා ලේ බොන්න. Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ සියලු ආකාර පක්ෂීන්ට ද වනයේ සියලු මෘගයන්ට ද කතා කොට, තෙපි රැස් වී වරෙන්න, මා ඉශ්රායෙල් කඳු පිට තොප උදෙසා සූදානම් කරන මහා පූජාවක් වන මාගේ පූජාව වටා හාත්පසින් එකතු වී, මස් කා ලේ බොන්න. Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ වනාහි සියලු ආකාර පක්ෂීන්ටද වනයේ සියලු මෘගයන්ටද කථාකොට–තෙපි රැස්වී වරෙව්; මා විසින් ඉශ්‍රායෙල් කඳු පිට තොප උදෙසා ඔප්පුකරන මහත් පූජාවක් වන මාගේ පූජාවට වටකරින් එකතුවී මස් කා ලේ බොව්. |
ඉන්පසු ඔහු කන්ද මත යාග පූජාවක් පිදූ පසු, ආහාර අනුභව කිරීමට සිය පිරිස කැඳෙව්වේ ය. ඔව්හු ද ආහාර අනුභව කොට කන්ද මත මුළු රාත්‍රිය ම ගත කළහ.
ඔවුන්ගේ හේවායන්ගේ මළකඳන් පක්ෂීන්ටත්, මෘගයන්ටත් ගොදුරු වන පිණිස අත්හැරදමනු ලබන්නේ ය. ග්‍රීෂ්ම කාලයෙහි පක්ෂීහු ද ශීත කාලයෙහි මෘගයෝ ද ඒවා කාදමන්නෝ ය.
ඉන්පසු දෙවිඳුන්ගේ පූජාසනය ලෙස හැඳින්වෙන ජෙරුසලම පිට එතුමාණෝ විපත්තිය පමුණුවන සේක. එකල හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය. නගරය වුව ද, පූජාසනයක් බවට හරවනු ලැබ එය ගල්වලින් වැසී යන්නේ ය.
පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.
වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමඟ ඔව්හු ඇද වැටෙන්නෝ ය. ඔවුන්ගේ ලෙයින් දේශය රතු වන්නේ ය; ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේ ය.
මා තෝරාගත් සෙනඟ වනාහි සතුරු ගිජු පක්ෂීන්ගෙන් වට වූ උකුස්සෙකු වැන්න. වනයේ සියලු සතුනි, ගොදුරට රැස් වන්න.
සමිඳාණන් වහන්සේ විසින් මරනු ලබන අය ඒ දවසේ දී පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත. ඔවුන් ගැන වැලපෙන්නට කිසිවෙක් නොවෙති; වළලනු පිණිස ඔවුන්ගේ මළ සිරුරු රැගෙන යාමට කිසිවෙක් නොසිටිති. ඒවා භූමිය මතු පිට කසළ මෙන් විසිරී තිබෙනු ඇත.
ඒ දවස වනාහි ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන්ගේ දවස ය. එතුමන්ගේ සතුරන්ට දඬුවම් දීමේ දවස ය. එතුමන්ගේ කඩුව ඔවුන් නසා වනසා සෑහීමට පැමිණෙන්නේ ය; ඔවුන්ගේ ලේවලින් මත් වන්නේ ය. මන්ද, එය වනාහි උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව ළඟ ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන් වෙත කළ යාගයකි.
මම නුඹ සහ නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ද කාන්තාරයෙහි හෙළාදමන්නෙමි. නුඹ වළලනු නොලැබ පොළොව මතුපිට සිටින්නෙහි ය. මම නුඹ පොළොවේ මෘගයන්ට ද ආකාශ පක්ෂීන්ට ද කෑම පිණිස දෙන්නෙමි.
තවද, නුවරෙහි නමත් ‘සමූහයක්’ යන අරුත ඇති ‘හාමොනා’ වන්නේ ය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනු ඇත.
ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.
සමිඳාණන් වහන්සේගේ විනිශ්චය දවස ආසන්න ය. එබැවින් උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා! සමිඳාණන් වහන්සේ පූජාවක් පිළියෙළ කළ සේක. පූජාව සඳහා සිය සෙනඟ කැපකළ සේක.
ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක.
අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක; මම තට ගසා, තාගේ හිස කපා දමා, පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙකුන් සිටින බව පොළොවේ සියල්ලන් ම දැනගනු ඇත.
ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය.