ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 39:11 - Sinhala New Revised Version

“තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඒ කාලයේදී මම එහි ඉඩමක්වන මිනීවළක් ඉශ්‍රායෙල් දේශයෙහි ගොග්ට දෙන්නෙමි; එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන ගමන්යන්නන්ගේ මිටියාවතය. එය ඒ ගමන්යන්නන් නවත්වනවා ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහයාද වළලා, ඊට හාමොන්-ගොග්යයි නම් තබන්නෝය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 39:11
10 හුවමාරු යොමු  

උන් එකතු කොට ගොඩගැසූ කල මුළු රට ම දුගඳ විය.


“මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන මාගොග් දේශයේ ගොග් රජුට විරුද්ධ ව නුඹේ මුහුණ යොමු කර, ඔහුට විරුද්ධ ව දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න.


ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේ වත්, මූකළාන්වලින් ඒවා කපාගන්නේ වත් නැත. මන්ද, ඔව්හු ආයුධවලින් ගිනි දල්වන්නෝ ය. තමන්ගෙන් කොල්ල කෑ අයගෙන් ඔව්හු කොල්ලකන්නෝ ය. තමන්ගේ සම්පත් උදුරාගත් අයගෙන් සම්පත් උදුරාගන්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


ඉශ්රායෙල් සෙනඟ සිය දේශය පිරිසිදු කරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝ ය.


දේශයෙහි එසේ ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇට දුටු විට, වළලන්නන් ඒක හාමොන්ගොග්හි වළලන තෙක් ඒ ළඟ ලකුණක් තබන්නෝ ය.


“දමස්කයටත්, ගිලියද්ටත් අතර පිහිටි නැගෙනහිර පැත්තේ හවුරාන් දක්වා සීමාවටත්, ඉශ්රායෙල් දේශයටත් අතරේ ජොර්දාන ගඟ ඔස්සේ වන්නේ ය. උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්ත වේ.


තවද, එහි දී කෑදරකම් කළ සෙනඟ වළලන ලද බැවින්, එම ස්ථානයට කෑදරකමේ මිනීවළවල් යන අරුත ඇති කිබ්රොත්-හත්තාවා යන නම තැබී ය.


අයින් නම් ස්ථානයට නැගෙනහිරින් දකුණු දිශාවේ පිහිටි හර්බෙල් දක්වා ද, ගලීලය මුහුදේ පෙරදිග වෙරළේ පිහිටි කඳු වැටිය දක්වා ද,


දිනක් උන් වහන්සේ ගෙන්නෙසරෙත් විල අසල සිටිය දී, සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවුඩය අසනු පිණිස උන් වහන්සේ වටා තෙරපි තෙරපී සිටි කල,


ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන්, හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළ සේක.