බෙත්-තොගර්මා වංශයේ වෙළෙන්දෝ නුඹ සමඟ අශ්වයන් ද සෛන්ධවයන් ද කොටළුවන් ද නුඹේ වෙළෙඳ බඩු සමඟ හුවමාරු කරගත්හ.
එසකියෙල් 38:6 - Sinhala New Revised Version ගොමෙර් සහ එහි සියලු හමුදා ද උතුරේ දුර බැහැර සිටින තොගර්මා වංශය සහ එහි සියලු හමුදා ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති. Sinhala New Revised Version 2018 ගොමෙර් සහ එහි සියලු හමුදා ද උතුරේ දුර බැහැර සිටින තොගර්මා වංශය සහ එහි සියලු හමුදා ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති. Sinhala Revised Old Version ගොමෙර් සහ ඔහුගේ සියලු සමුදාවල්ද උතුරේ දුරස්ථානවල තොගර්මා වංශය සහ ඔහුගේ සියලු සමුදාවල්ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති. |
බෙත්-තොගර්මා වංශයේ වෙළෙන්දෝ නුඹ සමඟ අශ්වයන් ද සෛන්ධවයන් ද කොටළුවන් ද නුඹේ වෙළෙඳ බඩු සමඟ හුවමාරු කරගත්හ.
“එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.
“නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය.