එසකියෙල් 36:9 - Sinhala New Revised Version මම නුඹලා උදෙසා ය, නුඹලා වෙත හැරෙන්නෙමි. නුඹලා ද අස්වද්දා වපුරන්නහු ය. Sinhala New Revised Version 2018 මම නුඹලා උදෙසා ය, නුඹලා වෙත හැරෙන්නෙමි. නුඹලා ද අස්වද්දා වපුරන්නහු ය. Sinhala Revised Old Version මක්නිසාද මම නුඹලා උදෙසාය, නුඹලා වෙතට හැරෙන්නෙමි, නුඹලාද අස්වද්දා, වපුරනු ලබන්නහුය. |
අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක. ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක.
“ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි.
ඔව්හු එහි සුව සේ වාසය කොට, ගෙවල් ගොඩනඟා මිදි වතු වවන්නෝ ය; ඔවුන් අවට සිටින, ඔවුන් අපවාදයට පත් කළ, සියල්ලන් කෙරෙහි මා විනිශ්චයයන් ඉෂ්ට කළ කල්හි ඔවුන් එසේ සුව සේ වාසය කරනු ඇත. මෙසේ මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”
හොඳ තෘණවලින් උන් පෝෂණය කරන්නෙමි. ඉශ්රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තණ බිම් වන්නේ ය. එහි හොඳ තණ බිම්වල උන් ලගිනු ඇත. ඉශ්රායෙල් කඳුවල උන් සාරවත් තණ කනු ඇත.
ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; හෙල්වලින් කිරි ගලා යනු ඇත. ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.
මම ද නුඹලාට ආශීර්වාද කොට නුඹලා සඵලවත් කොට, නුඹලා වර්ධනය කරන්නෙමි. නුඹලා සමඟ මා කළ ගිවිසුම ඉටු කරන්නෙමි.
අටුවල ධාන්‍ය ඉතිරි වී ඇද් ද? එසේ ම මිදි වැල්වලත් අත්තික්කා ගස්වලත් දෙළුම් ගස්වලත්, ඔලීව ගස්වලත් පල හටගෙන ඇද් ද? නැත. අද පටන් මම නුඹලාට ආශීර්වාද කරන්නෙමි.”
ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි.
කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?