එසකියෙල් 32:24 - Sinhala New Revised Version “එහි ඒලාම් සහ ඇගේ මිනී වළ වටකර ඇගේ මුළු හමුදාව සිටිති. ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ. ජීවත්වූවන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු අචර්මඡේදිත ව පොළොවේ පාතාල තැන්වලට බැස ගියෝ ය. ඔව්හු ද වළ පල්ලට යන අය සමඟ තමන්ගේ නින්දාව දරා සිටිති. Sinhala New Revised Version 2018 “එහි ඒලාම් සහ ඇගේ මිනී වළ වටකර ඇගේ මුළු හමුදාව සිටිති. ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ. ජීවත්වූවන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු අචර්මඡේදිත ව පොළොවේ පාතාල තැන්වලට බැස ගියෝ ය. ඔව්හු ද වළ පල්ලට යන අය සමඟ තමන්ගේ නින්දාව දරා සිටිති. Sinhala Revised Old Version එහි ඒලාම් සහ ඇගේ මිනීවළ වටකර ඇගේ මුළු සමූහයාද සිටිති. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවූ ඔව්හු අචර්මඡේදිතව පොළොවේ පහත් තැන්වලට බැස ගියෝය; ඔව්හුද මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරා සිටිති. |
එසමයෙහි ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද, එලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගෝයිම්හි රජ වූ තිදාල් ද යන රජවරු වූ හ.
ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක් ය.
සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය.
ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
ජීවතුන් සිටින මේ ලෝකයේ සමිඳුන් වත්, අන්කිසි දිවි ඇත්තෙකු වත් කිසි කලක දකින්න මට නොලැබේ ය කියා මම සිතුවෙමි.
මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි.
නුඹේ සහෝදරියන්ට යුතු ය යි නුඹ සිතූ ලජ්ජාව දැන් නුඹ දරාගත යුතු ය. ඔවුන්ගේ පාපවලට වඩා නුඹේ පාප කොතරම් පිළිකුල් සහිත දැ යි කීවොත්, නුඹ හා සසඳා බැලූ විට ඔවුන් නුඹට වඩා ධර්මිෂ්ඨයන් සේ පෙනේ. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨ ලෙස පෙනෙන්නට සැලැසූ බැවින් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.”
නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත.
පාතාල ලෝකයට බැස ගිය, පෙර විසූ සෙනඟ ළඟට ගලා බසින්නට මම නුඹට සලස්වන්නෙමි. නුඹ තුළ වැසියන් නොසිටින පිණිස ද ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි තැනක් නො ලබන පිණිස ද පාතාල ලෝකයට බසින අය සමඟ පොළොවේ පාතාලයෙහි එනම්, පෙර සිට පාළු වූ තැන්හි නුඹ වාසය කරවන්නෙමි.
මෙතැන් සිට කිසි ම ගසකට කොපමණ හොඳට වතුර ලැබුණත් ඒ ගස මෙන් උසට වැඩෙන්නේ නැත; වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩෙන්නේත් නැත. ඒ සියල්ල පාතාලයේ සිටින අය සමඟ එක් වන පිණිස මැරෙන්නට නියම ව සිටින සුළු මිනිසුන් මෙන් මැරී යන්නට නියම වී ඇත.
“ඒ ගස නම්, මිසර දේශයේ රජු හා ඔහුගේ සියලු සෙනඟ ය. ඒදන්හි තිබුණු ගස් උසින් ද තේජසින් ද ඒ ගසට සමාන නො වී ය. එහෙත් දැන් ඒදන්හි ගස් මෙන් එය අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය සමඟ එක් වන පිණිස පාතාල ලොවට යන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
“මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ මුළු ජනගහණය ගැන විලාප ගීයක් ගයන්න. ඔවුන් සහ බලවත් ජාතීන්ගේ කාන්තාවන් ද වළ පල්ලට යන අය සමඟ පොළොවේ යට ඇති පාතාලයට හෙළන්න.
බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ සහකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කතා කරති. අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය බැස ගොස් වැටී සිටිති.
මැරුම්කෑ අය කෙරෙහි ඇගේ මුළු හමුදාව මධ්‍යයෙහි ඈට යහනක් තබා තිබේ. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩුපහරින් මැරුම්කෑ අය ය. ජීවත් ව සිටිය දී ඔව්හු භීතිය පතුරුවා හැරියෝ ය. එහෙත්, දැන් ඔව්හු මරණයට ගොදුරු වී පාතාල ලෝකයට බැස යන්නන් සමඟ නින්දාවට පත් වෙති.
“එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.
මම ඔවුන්ට සශ්‍රීක වතු පිටි උපදවන්නෙමි. ඔව්හු තවත් දේශයේ සාගතයෙන් විනාශ නොවන්නෝ ය. විජාතීන්ගේ නින්දාවට ලක් නොවන්නෝ ය.
නුඹට විරුද්ධ ව විජාතීන්ගේ අපහාස කතා අසන්න මම තවත් ඉඩ නොදෙන්නෙමි. ජනයන්ගේ නින්දාව නුඹ තවත් විඳින්නේ වත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිළෙන්න සලස්වන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනවුත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස් කොට, මා සුවිශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ විජාතීන් ඉදිරියෙහි ඔප්පු වූ විට,
මට පූජක සේවය කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟට වත්, මා ළඟට වත් ඔවුන් නොපැමිණිය යුතු ය. ඔවුන් තමන් කළ පිළිකුල් ක්‍රියාවල විපාකයක් වශයෙන් ලජ්ජාව දැරිය යුතු ය.
ඒ දර්ශනය මා දකින විට, මා ඒලාම් පළාතෙහි පිහිටි සූසා නම් අග නුවර ඇති ඌලයි නම් ගඟ ළඟ සිටින බව දුටුවෙමි.
ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.
එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.