ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?
එසකියෙල් 32:2 - Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය. Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය. Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න–නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. නුඹ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය. |
ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ තමන්ගේ දැඩි, බලවත්, භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර, මුහුදේ සිටින දිය රකුසා මරාදමන සේක.
සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?
සිංහයෙක් සිය වනයෙන් නික්මුණේ ය. ජාතීන් වනසන්නෙක් නික්ම ගියේ ය. නුඹේ දේශය පාළු කරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත් වී ගමන් කරන්නේ ය; වැසියෙකු ඉතිරි නොවන හැටියට නුඹේ නගර විනාශ වන්නේ ය.
මොහු වනාහි නයිල් ගඟ මෙන් ගලන, එහි ජලධාරාවන් මෙන් රැළ ගසන මිසරය ය. ‘මම නැඟිට ගොස් දේශය යට කර එහි නගරවලට ද වැසියන්ට ද පහර දෙමි’යි මිසරය කියන්නේ ය.
සෙනඟ පිළිතුරු දෙමින්, “අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත්, ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වන ලෙස ඔවුන්ට කියන්නැ”යි කියති.
ඔවුන් නුඹ ගැන විලාපයක් කියමින්, මෙසේ කියනු ඇත. අහෝ, ‘කීර්තිමත් නුවර මුහුදෙන් අතුරුදහන් වී ඇත. එහි නාවික බලය මුහුදෙන් පහ වී ඇත. නුඹ සහ නුඹේ සෙනඟ මුහුදු පාලනය කළහු ය; වෙරළෙහි විසූ අය බිය ගැන්වූවහු ය.
ඔවුන්ගේ ලතෝනියේ දී ඔවුන් නුඹ ගැන මෙසේ විලාප ගීයක් නඟා නුඹ ගැන මෙසේ විලාප කියනු ඇත: ‘මුහුද මැද තීර් මෙන් විපතට පත් වූ තවත් කවරෙක් ඇද් ද?
“මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාප ගීයක් ගයමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. නුඹ වරක් ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් පූර්ණ වී පරිපූර්ණතාවේ ආදර්ශයක් වූයෙහි ය.
මිසරය සියලු රාජ්‍යයන් අතර පහත් රාජ්‍යයක් වන්නේ ය. එය සෙසු ජාතීන්ට වඩා ඉස්මතු නොවන්නේ ය; ඔව්හු තවත් පාලනය නොකරන්නෝ ය. එය සෙසු ජාතීන් තවත් පාලනය නොකරන පිණිස මම මිසරය කුඩා රාජ්‍යයක් කරන්නෙමි.
නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.
මිනිසුන් අතර නඟන විලාපය මේ ය: ‘ජාතීන්ගේ කාන්තාවන් ඒ ගැන විලාප කියනු ඇත. මිසරය ගැනත්, එහි මුළු සමූහය ගැනත් ඔවුන් විලාප කියනු ඇත.’ මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
“මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ මුළු ජනගහණය ගැන විලාප ගීයක් ගයන්න. ඔවුන් සහ බලවත් ජාතීන්ගේ කාන්තාවන් ද වළ පල්ලට යන අය සමඟ පොළොවේ යට ඇති පාතාලයට හෙළන්න.
නුඹලාගෙන් සමහරු හොඳ තණ කෑමෙන් සෑහීමට පත් නොවනු පමණක් නොව, ඉතිරි හොඳ තණ පවා පාගාදමන්නෝ ය; නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව හොඳ වතුර පාගා මඩ කරන්නහු ය.
ෂෙබාවරු සහ දෙදාන්වරු ද තර්ෂිෂ්හි වෙළෙන්දෝ ද එහි අධිපතියෝ ද නුඹට කතා කොට, ‘නුඹ කොල්ලකන්න පැමිණියෙහි ද? නුඹේ සේනාව නුඹ රැස් කරගන්නේ සම්පත් උදුරා ගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන් ද සම්පත් ද අල්ලා, බොහෝ කොල්ල ලබා යන පිණිස දැ’යි අසන්නෝ ය.
සිහ රදෙකු මෙන්, සිහ දෙනක මෙන්, ඉශ්රායෙල් ජනයා, හිස ඔසවා බිම වැතිරෙති. උන් අවදි කරන්නට සමතා කවරෙක් ද? ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දෙකි; ඔබට සාප දෙන්නා සාප ලද්දෙකි.”
“එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.