සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති.
එසකියෙල් 3:11 - Sinhala New Revised Version විප්‍රවාසගත ව සිටින නුඹේ සෙනඟ වෙත ගොස්, ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් ඔවුන්ට කතා කොට, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 විප්‍රවාසගත ව සිටින නුඹේ සෙනඟ වෙත ගොස්, ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් ඔවුන්ට කතා කොට, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version වහල්ව සිටින නුඹේ සෙනඟගේ පුත්‍රයන් ළඟට ගොස්–ඔවුන් අසතත් නොඅසතත්–ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නැයි කීසේක. |
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති.
එබැවින්, මා විසින් ජෙරුසලමෙන් බබිලෝනියට පලවා හරිනු ලැබූ විප්‍රවාසීන් සියල්ලෙනි, නුඹලාගේ සමිඳාණන් වහන්සේ වන මාගේ වචනයට සවන් දෙන්න.’
ඒ සෙනඟ මුරණ්ඩු දැඩි සිත් ඇත්තෝ වෙති. මම ඔවුන් වෙත නුඹ යවමි. නුඹ ද, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න.
ඔවුන් කැරලිකාර මනුෂ්‍යයන් වන බැවින් සවන් දුන්නත්, නුදුන්නත් ඔවුන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇත.
ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.
“ ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය.
තවද, උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න.
එවිට ආත්මයාණෝ මා ඔසවාගත්හ. “ස්වකීය වාසස්ථානයේ සිටින සමිඳාණන් වහන්සේගේ මහිමයට ප්‍රශංසා වේ වා!”යි කියන භූමි කම්පාවක් වැනි ඝෝෂාවක් මා පිටුපසින් මට ඇසුණේ ය.
එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබිබ් යන ස්ථානයෙහි විසූ විප්‍රවාසගතවූවන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් සමඟ බිරාන්ත ව නැවතී සිටියෙමි.
එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”
“දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ පෙර දැහැමි ක්‍රියා ඔහුට ගැළවීම අත්කර නොදෙයි. දුෂ්ට මිනිසෙකු සිය දුෂ්ටකමෙන් හැරුණොත්, ඔහුගේ පසුගිය දුෂ්ටකම් නිසා ඔහු නසින්නේ නැත. දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ දැහැමිකම නිසා ගැළවීම ලබන්න ඔහුට පුළුවන් වන්නේ නැත.
“ ‘එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹේ රටවැසි සෙනඟ කියති. එහෙත්, අසාධාරණ වන්නේ ඔවුන්ගේ ක්‍රියා ය.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ රටවැසි සෙනඟට කතා කොට මෙසේ කියන්න: මා යම් දේශයකට යුද්ධය පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමන් අතරෙන් මනුෂ්‍යයෙකු තෝරාගෙන තමන්ට මුර සෙබළා කොට පත් කරනු ඇත.
“තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ රටවැසි සෙනඟගේ පවුරු ළඟ දී ද ගෙවල්වල දොරකඩවල දී ද නුඹ ගැන කතා කොට, ‘එන්න, සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන වචනය කුමක් ද කියා අසන්නැ’යි එකිනකො තම තමාගේ සහෝදරයාට කියති.
නුඹේ සෙනඟ කතා කොට, ‘මෙයින් නුඹ හඟවන්නේ කිමෙක් ද කියා නුඹ අපට නොදන්වන්නෙහි දැ’යි නුඹෙන් ඇසූ විට,
ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය.
එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියෙහි පිළිතුරු දෙමින්, “රජතුමා ජුදා රටින් අල්ලගනු ලැබූ අයගෙන් එක් කෙනෙකු වන දානියෙල්, ඔබ හා ඔබතුමා අත්සන් කළ ආඥාව නොසලකා, දවසකට තුන් වරක් තමාගේ දෙවියන්ට අයැදුම් කරයි” යයි කී හ.
“එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට, ඉක්මනට කන්දෙන් බැස යන්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන ඇත. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔවුන් විගස අන් අතකට හැරී ගොස්, තමන්ට ම වාත්තු කළ පිළිමයක් සාදාගෙන ඇතැ’යි වදාළ සේක.