මා කර ඇති දේ දැක ද්වීප හා මුහුදුබඩ වාසීහු බියෙන් වෙවුළුවෝ ය. ඒ නිසා ඔව්හු එක් රැස් වූ හ.
එසකියෙල් 26:18 - Sinhala New Revised Version දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.” Sinhala New Revised Version 2018 දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.” Sinhala Revised Old Version දැන් ද්වීපයෝ නුඹේ වැටීමේ දවසේදී වෙවුලන්නෝය; එසේය, මුහුදේ පිහිටි ද්වීපයෝ නුඹේ තුරන්වීමට තැතිගන්නෝයයි නුඹ ගැන කියනවා ඇත. |
මා කර ඇති දේ දැක ද්වීප හා මුහුදුබඩ වාසීහු බියෙන් වෙවුළුවෝ ය. ඒ නිසා ඔව්හු එක් රැස් වූ හ.
ඒදොම් වැටෙන විට, ඒ ශබ්දයෙන් පොළොව කම්පා වී යන්නේ ය. ඔවුන්ගේ කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙනු ඇත.
බබිලෝනියේ වැටීමේ ශබ්දයට පොළොව කම්පා වනු ඇත. ඔවුන්ගේ කෑගැසීමේ හඬ අවට ජාතීන් අතරේ ඇසෙන්නේ ය.”
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තීර්ට මෙසේ වදාරන සේක. “නුඹේ වැටීමේ ශබ්දයටත්, නුඹ තුළෙහි තුවාළවූවන්ගේ කෙඳිරිගෑමටත්, මිනිසුන් මරාදමනු ලබන අන්දමටත් මුහුදුබඩ වාසීහු භීතියෙන් කම්පා නොවන්නෝ ද?
ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති.
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඒ ගස පාතාලයට බැස යන දවසේ දී වැලපීමේ ලකුණක් වශයෙන් පොළොව යට වතුර ඊට නොලැබෙන්නට සලස්වන්නෙමි. මම ගංගාවන් නවත්වා එහි බොහෝ ජල ධාරාවන්ට ගලා යන්න ඉඩ නොදෙන්නෙමි. ලෙබනොන් අන්ධකාරයෙන් ආවරණය කරන්නෙමි; ගොඩබිම සියලු ගස් ද එයින් මැලවී යන්නේ ය.