Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 26:18 - Sinhala Revised Old Version

18 දැන් ද්වීපයෝ නුඹේ වැටීමේ දවසේදී වෙවුලන්නෝය; එසේය, මුහුදේ පිහිටි ද්වීපයෝ නුඹේ තුරන්වීමට තැතිගන්නෝයයි නුඹ ගැන කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 26:18
9 හුවමාරු යොමු  

ස්වාමිවූ දෙවියන්වහන්සේ තීර්ට මෙසේ කියනසේක: නුඹේ වැටීමේ ශබ්දයටත් නුඹ තුළෙහි තුවාලවූවන්ගේ කෙඳිරිගෑමටත් මිනිසුන් මරා දැමීමටත් ද්වීපයෝ නොසෙල්වන්නෝද?


ද්වීපවල සියලුම වැසියෝ නුඹ ගැන විස්මපත්වෙති, ඔවුන්ගේ රජවරුද අතිශයින් භයව කැලඹුණ මුහුණු ඇතිව සිටිති.


ද්වීපයෝ දැක භයවූවෝය; පොළොවේ සීමාවෝ වෙවුලුවෝය. ඔව්හු ළංවී ආවෝය;


ඔවුන්ගේ වැටීමේ ශබ්දයට පොළොව සෙලවේ; කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙයි.


බබිලෝනිය අසුවුණේය යන හඬට පොළොව සෙලවෙන්නේය, කෑගැසීමද ජාතීන් අතරේ ඇසෙන්නේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු පාතාලයට බැස්ස දවසේදී වැලපීමක් කෙළෙමි. ඔහු ගැන ගැඹුර වසා ඒකේ ගැලීම නැවැත්වීමි, මහත් ජලවල්ද නැවතුණේය. ලෙබනොන් ඔහු ගැන වැලපෙන්ට සැලැස්වීමි, බැද්දේ සියලු ගස්ද ඔහු ගැන මැලවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්