දළඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ලකෑ වස්තුව රැස් කෙරේ. පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත.
එසකියෙල් 25:7 - Sinhala New Revised Version මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවා දී, ජනයන් අතරෙන් නුඹ වනසාදමා, දේශවලින් නුඹ නැති කොට විනාශ කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹ එවිට දැනගන්නෙහි ය.’ “ Sinhala New Revised Version 2018 මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවා දී, ජනයන් අතරෙන් නුඹ වනසාදමා, දේශවලින් නුඹ නැති කොට විනාශ කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹ එවිට දැනගන්නෙහි ය.’ ” Sinhala Revised Old Version මාගේ අත නුඹට විරුද්ධව දිගුකර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවාදී, ජනයන් අතරෙන් නුඹ සිඳදමා, දේශවලින් නුඹ නැතිකොට විනාශකරන්නෙමි; නුඹ මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය. |
දළඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ලකෑ වස්තුව රැස් කෙරේ. පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත.
මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
මාගේ අපරාධ වියගහක් මෙන් මා පිට බර ව තිබේ. එතුමාණෝ ම මාගේ ගෙල පිට එය තැබූ සේක. ඒ නිසා, මාගේ ශක්තිය හීන විය. විරුද්ධ ව සිටින්න මට බැරි ලෙස සමිඳාණෝ සතුරන් අතට මා පාවා දුන් සේක.
“දිවැසිවරයා රැවටී කතා කරයි නම්, ඒ දිවැසිවරයා රවටා ඇත්තේ සමිඳාණෝ වන මම ය. මම ඔහුට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙන් ඔහු නෙරපාදමමි.
මාගේ උදහස නුඹලා පිට වගුරුවා, මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹ, රෞද්‍ර විනාශ කිරීමට දක්ෂ මනුෂ්‍යයන් අතට නුඹලා පාවා දෙන්නෙමි.
නුඹලා ගින්නට දර පිණිස වන්නහු ය. නුඹේ ලේ දේශය මැද වැගිරෙන්නේ ය. නුඹලා තවත් සිහි කරනු නොලබන්නහු ය. කුමක් නිසා ද, මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.’ “
අම්මොන්වරුන්ගේ රටත් සමඟ නැගෙනහිර දිශාවේ වැසියන්ට මෝවබ් යටත් කරන්න ඉඩහරින්නෙමි. මෙසේ කරන්නේ ජාතීන් අතරෙහි අම්මොන්වරුන් තවත් සිහි නොකරන පිණිස ය.
දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මම ඒදොම්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට, ඒ රටේ මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසාදමා, තේමාන් පටන් දෙදාන් දක්වා එය පාළුකරයක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් මැරුම් කනු ඇත.
මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධ ව දිගු කොට, කෙරෙතිවරුන් වනසාදමා, මුහුදුබඩ ඉතිරි ව සිටින්නන් නැති කරන්නෙමි.
එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේ ය; කුමක් නිසා ද, මම ම ඒක කියමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේ ය.
මෙසේ කියන්න. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සේයිර් කන්ද, බලන්න, මම නුඹට විරුද්ධ ව, මාගේ අත නුඹට දිගු කොට, නුඹ පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි.
මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”
“මම ජුදාට ද ජෙරුසලමේ සියලු සෙනඟට ද විරුද්ධ ව මාගේ හස්තය ඔසවා විජාතීන්ගේ පූජකයන්ගේ නාම මේ ස්ථානයෙන් මකාදමන්නෙමි.