එසකියෙල් 24:27 - Sinhala New Revised Version ඒ දවසේ දී නැති වී ගිය නුඹේ කතා ශක්තිය නුඹට ලැබී, තවත් ගොළු ව නොසිට නුඹ ඒ තැනැත්තා සමඟ කතා කරනු ඇත. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහි ය; ඔවුන් මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.’ “ Sinhala New Revised Version 2018 ඒ දවසේ දී නැති වී ගිය නුඹේ කතා ශක්තිය නුඹට ලැබී, තවත් ගොළු ව නොසිට නුඹ ඒ තැනැත්තා සමඟ කතා කරනු ඇත. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහි ය; ඔවුන් මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.’ ” Sinhala Revised Old Version ඒ දවසේදී නුඹේ මුඛය මිදෙන තැනැත්තා කෙරෙහි ඇරී, නුඹ තවත් ගොළුව නොසිට කථාකරන්නෙහිය. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහිය; ඔවුන් මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීය. |
“ඒ දවසේ දී මම ඉශ්රායෙල් සෙනඟ අඟක් මෙන් ශක්තිමත් කරන්නෙමි. තවද එසකියෙල්, සියල්ලන්ට ඇසෙන සේ කතා කරන්න මම නුඹට ඉඩ සලසාදෙන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”
ගැළවී ආ තැනැත්තා එන්නට පෙර දා සවස සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණ තිබුණේ ය. ඒ මිනිසා පසු දින උදේ මා වෙත එන විට උන් වහන්සේ කතා ශක්තිය මට දී තිබුණේ ය. මාගේ මුඛය ඇරී, මම තවත් ගොළු ව නොසිටියෙමි.
තවද, යකඩ තහඩුවක් ගෙන එය යකඩ පවුරක් මෙන් නුඹටත්, නුවරටත්, අතර තබන්න. ඉන්පසු ඒ දෙසට නුඹේ මුහුණ හරවන්න. නගරය වටලනු ලැබේ. එය වටලන්නේ නුඹ ය. ඉශ්රායෙල් ජාතියට මෙය ලකුණක් ය.
මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.
සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න.