ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 22:16 - Sinhala New Revised Version

අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ “

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ ”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹද ජාතීන් ඉදිරියෙහි නුඹ කරණකොටගෙනම කෙලහෙන්නෙහිය; මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි කීය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 22:16
17 හුවමාරු යොමු  

එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


දුදනන්ගේ ඉරණම පාතාලය වේ; දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ.


එහෙත් එදින, මාගේ සෙනඟ පදිංචි වී සිටින ගෝෂෙන් ප්‍රදේශය වෙන් කරමි. එහි නම් මැසි රංචු නොසිටිනු ඇත. මා එසේ කරන්නේ, මිහි පිට වැඩ සිටින සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස ය.


දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”


නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”


මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.


තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:


‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න; දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ශුද්ධස්ථානය කෙලෙසනු ලැබූ විට, ඊට විරුද්ධ ව ද ඉශ්රායෙල් රට පාළු වී තිබෙන නිසා, ඊට විරුද්ධ ව ද ජුදා වංශය වහල්කමට ගිය නිසා, ඔවුන්ට විරුද්ධ ව ද නුඹ ඉතා ප්‍රීති ප්‍රමෝද වූ බැවින්,


ඔවුන් විප්‍රවාසීන් මෙන් විජාතීන් අතර විසුරුවා, මා ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත්නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස් කරන කල මා ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


එබැවින් මම ඉතා ම කෲරතර ජාතීන් ගෙන්වන්නෙමි. ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුම කරගන්නෝ ය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථාන ද කෙලෙසනු ලබන්නේ ය.


ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය.