එවිට සිංහයකුගේ සිත මෙන් සිතක් ඇති බලවතා පවා සහමුලින් ම මලානික වනු ඇත. මන්ද, ඔබේ පියා බලවන්තයෙකු බවත්, ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මිනිසුන් බවත් සියලු ඉශ්රායෙල්වරු දනිති.
එසකියෙල් 21:7 - Sinhala New Revised Version ‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ “ Sinhala New Revised Version 2018 ‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ ” Sinhala Revised Old Version නුඹ සුසුම්ලන්නේ මක්නිසාදැයි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ආරංචිය නිසාය, මක්නිසාද එය පැමිණෙන්නේය. සියලු සිත් දියවෙන්නේය, සියලු අත් හෙලාවැටෙන්නේය, සියලු ආත්ම ක්ලාන්තවන්නේය, සියලු දණහිස් දිය මෙන් බෙලහීනවන්නේය. බලව, එය පැමිණෙන්නේය, එය සිදුවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය. |
එවිට සිංහයකුගේ සිත මෙන් සිතක් ඇති බලවතා පවා සහමුලින් ම මලානික වනු ඇත. මන්ද, ඔබේ පියා බලවන්තයෙකු බවත්, ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මිනිසුන් බවත් සියලු ඉශ්රායෙල්වරු දනිති.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, අසන සියල්ලන්ගේ කන් දෙක රත් වන තරම් මම ජෙරුසලම සහ ජුදාවරුන් පිට විපත්ති පමුණුවන්නෙමි.
ඒදොම්හි අධිපතීහු බියපත් වෙති; මෝවබ් බලවත්හු වෙව්ලති; සියලු කානානිය වැසියෝ දිරිය නැති කරගනිති.
එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය. රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය.
සිරියාවේ හමුදා ඉශ්රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජ ද සෙනඟ ද සුළඟට සැලෙන ගස් මෙන් චංචල වූ හ.
එවිට ජෙරමියා සියලු ම අධිපතීන් හා මුළු සෙනඟ අමතා මෙසේ කී ය: “ඔබ ඇසූ සියලු වචන දිවැස් වැකි වශයෙන් මේ දේව මාලිගාවටත්, නගරයටත්, ඔබ හැමටත් විරුද්ධ ව කියන්නට සමිඳාණන් වහන්සේ මා එවූ සේක.
දමස්කය ගැන සමිඳාණන් වහන්සේ වදාළ දේ මෙසේ ය: “හමාත් හා අර්පාද් යන නගරවල වැසියන්ට නරක ආරංචියක් ලැබී ඇති බැවින් ඔව්හු කැළඹීමට පත් වී සිටිති. චංචලය ඇති නිශ්චලයක් නැති මුහුද මෙන් ඔව්හු භීතියෙන් ඇලළී යති.
බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ.
එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.
එය මිනිසුන් අධෛර්යයටත්, දොරටු ළඟ පැකිළී වැටීමටත් සලස්වයි. විදුලිය මෙන් කාන්තිය විහිදුවන, මරාදැමීමට සුදුසු කඩුවකින් මම නගරයේ සිට තර්ජනය කරමි.
“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ සුසුම්ලන්න, හද දෙදරන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියෙහි කෙඳිරිගාන්න.
නුඹට විරුද්ධ ව ක්‍රියා කරන දවස්වල දී නුඹට ධෛර්යය ද අත ඔසවන්න ශක්තිය ද ඇති වේ ද? සමිඳාණන් වහන්සේ වන මම ඒ දේ කීමි. එලෙස ම කරන්නෙමි.
සෙනඟ ද කතා කරමින්, “නුඹ කරන මේ දේ අපට තේරුම්ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නෙහි දැ”යි මාගෙන් ඇසූ හ.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න.
විපත පිට විපත ද අසුබ ආරංචියක් පිට අසුබ ආරංචියක් ද පැමිණෙන්නේ ය; ඔවුන් දිවැසිවරුන්ගේ දර්ශනයක් සොයනු ඇත; එහෙත්, පූජකයන්ගෙන් ව්‍යවස්ථාව ද ප්‍රජා මූලිකයන්ගෙන් අවවාද ද පහවන්නේ ය.
එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය.
“තවද, සතුරන්ගේ රටවල තවමත් පණපිටින් සිටින අය වෙත මම දරුණු බියක් එවන්නෙමි. ඔවුන් ගසක කොළයක් සෙලවෙන විට පවා පලා යනු ඇත. බියට මෙන් ඔව්හු පලා යන්නෝ ය. කිසිවෙකු ඔවුන් ලුහුබැඳ නොයද්දී පවා ඔව්හු පලා ගොස් වැටෙන්නෝ ය.
නිනිවය භේද වී, භින්න වී, භංග වී ඇත; සිත දෙදරා යයි; දණහිස් වෙවුලයි; තුනටිය කකියයි; ඔවුන් සියල්ලන්ගේ මුහුණු සුදුමැළි වෙයි.
අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙන් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය.
“නිලධාරීන් තවදුරටත් සේනාව අමතමින්, ‘බිය වන, අධෛර්ය වන යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. එවිට ඔහුගේ සිත මෙන් සෙසු සහෝදර ජනතාවගේ සිත් ද අධෛර්යට පත් නොවනු ඇතැ’යි කිව යුතු ය.
ඉශ්රායෙල් ජනයා එතෙර වන තුරු සමිඳාණන් වහන්සේ ඔවුන් පැමිණෙන්නට කලින් ජොර්දාන් ගඟේ දිය හිඳී යන්නට සැලැසූ බව, ජොර්දාන් ගඟින් එතෙර බස්නාහිර සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන් ද මධ්‍යධරණි මුහුදුබඩ විසූ කානානිවරුන්ගේ සියලු රජවරුන් ද ඇසූ කල, ඔව්හු ඉශ්රායෙල් ජනයා නිසා තැති ගෙන අධෛර්යයට පත් වූහ.
ආයි නුවර වැසියෝ ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මැරුවෝ ය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් ලුහුබඳවා ගොස් කඳු බෑවුමේ දී ඔවුන්ට පහර දුන්නෝ ය. එවිට ඉශ්රායෙල්වරු අධෛර්යයට පත් වී භීතියෙන් ඇලළී ගියෝ ය.
සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න.