සමිඳාණන් වහන්සේගේ මාලිගාව ළඟ තිබූ අෂේරා කප් කණුවලට තිර වියූ ස්ත්‍රීන් විසූ සල්ලාලයන්ගේ ගෙවලුත් ඔහු බිඳ දැමී ය.
එසකියෙල් 16:16 - Sinhala New Revised Version නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් ගිරිකුළු දේවාල සාදාගෙන එහි වේශ්‍යාකම් කෙළෙහි ය. එවැන්නක් පෙර සිදු වුණේ වත්, මතු සිදු වන්නේ වත් නැත. Sinhala New Revised Version 2018 නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් ගිරිකුළු දේවාල සාදාගෙන එහි වේශ්‍යාකම් කෙළෙහි ය. එවැන්නක් පෙර සිදු වුණේ වත්, මතු සිදු වන්නේ වත් නැත. Sinhala Revised Old Version නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් උස් තැන් සාදාගෙන, පළමු සිදුවුණේවත් මතු සිදුවන්නේවත් නැති ආකාරයකට ඒවා උඩ වේශ්‍යාකම්කෙළෙහිය. |
සමිඳාණන් වහන්සේගේ මාලිගාව ළඟ තිබූ අෂේරා කප් කණුවලට තිර වියූ ස්ත්‍රීන් විසූ සල්ලාලයන්ගේ ගෙවලුත් ඔහු බිඳ දැමී ය.
ආහාස් දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ එකතු කර, එහි වෙනත් භාණ්ඩ කැබලි කොට කපා, උන් වහන්සේගේ මාලිගාවේ දොරවල් වසා, ජෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර පූජාසන සාදා ගත්තේ ය.
නුඹලා පූජා ඔප්පු කරනු පිණිස උස් කඳුවලට ගොස් එහි කම් සැපෙහි යෙදෙන පිණිස යහන් පිළියෙළ කරන්නහු ය.
බස්නාහිරින් පිහිටි සයිප්‍රසයට ගොස් බලා, නැත්නම්, නැගෙනහිරින් පිහිටි කේදාර්ට කෙනෙකු යවා, හොඳට සෝදිසි කර මෙවැන්නක් මීට පෙර වී තිබේ දැ යි කියා බලන්න.
“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එහෙත්, නුඹේ ශෝභමානකම පිට නුඹ විශ්වාසය තබා, නුඹේ කීර්තිය වේශ්‍යාකම් කිරීමට වාසියක් කරගෙන, ළඟින් යන එකිනෙකා නුඹේ වේශ්‍යාකමට පොළඹවා ගත්තෙහි ය.
මා නුඹට දුන් මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන, නුඹ පුරුෂයන්ගේ රූප සාදාගෙන ඒවා සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය.
ඔව්හු තමන්ගේ අලංකාර ආභරණ අහංකාර වීමට කරුණක් කරගත්හ. එයින් පිළිකුල් රූප වන අශික්ෂිත දේ සාදාගත්හ. එබැවින් මම ඔවුන්ගේ වස්තුව ඔවුන්ට ම පිළිකුලක් කෙළෙමි.
දැන් ඇගේ පෙම්වතුන් බලා සිටිය දී ඇගේ සලෙලුකම මම හෙළි කරන්නෙමි. එවිට මා අතින් ඈ මුදාගැනීමට කිසිවෙකුට නොහැකි වේ.
ධාන්‍ය ද මිදියුස ද තෙල් ද දුන්නේත්, බාල්ගේ දේව රූප නෙළීමට ගත් රන් රිදී ඈට නොමසුරු ව දුන්නේත් මා බව ඈ දැන සිටියේ නැත.