එසකියෙල් 13:5 - Sinhala New Revised Version නුඹලා කපොලු මුර කෙළේ වත්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී ඇති වන සටනේ දී සවි සම්පන්න ව සිටීමට නුඹලා ඉශ්රායෙල් ජාතිය වටකර පවුරක් ගොඩනැඟුවේ වත් නැත. Sinhala New Revised Version 2018 නුඹලා කපොලු මුර කෙළේ වත්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී ඇති වන සටනේ දී සවි සම්පන්න ව සිටීමට නුඹලා ඉශ්රායෙල් ජාතිය වටකර පවුරක් ගොඩනැඟුවේ වත් නැත. Sinhala Revised Old Version නුඹලා කපලුවලට නැගුණේවත් ස්වාමීන්වහන්සේගේ දවසේ සටනේදී සවිව සිටීමට නුඹලා ඉශ්‍රායෙල් වංශය වටකර තාප්පයක් ගොඩනැගුවේවත් නැත. |
එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක. එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය. දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.
සමිඳුනි, සියලු දෙන ඔබට ගරුබිය පෑ යුතු ය. ඔබේ දැවෙන උදහසට මූණ දීමට කවරෙක් සමත් වන්නේ ද?
දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.
ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක;
නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”
එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.
ඔව්හු මාගේ උවදෙස් දැන සිටියෝ නම්, මාගේ පණිවුඩය මාගේ සෙනඟට ප්‍රකාශ කර, ඔවුන්ගේ නපුරු ගතිපැවතුම්වලින් ඔවුන් හරවන්නට ඔවුන්ට ඉඩ තිබිණි.
ඔව්හු සැබෑවට ම මාගේ වචනය පවසන දිවැසිවරු නම්, දේව මාලිගාවේත්, ජුදා රජුගේ මාලිගාවේත්, ජෙරුසලමේත් ඉතිරි ව ඇති භාණ්ඩ බබිලෝනියට ගෙන නොයන ලෙස සියලු බලැති ස්වාමීන් වන මට කන්නලව් කරත් වා.
දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනඟා දේශය ආරක්ෂා කරන පිණිස කපොලුවල සිටිය හැකි මිනිසෙකු මම ඔවුන් අතරේ සෙවීමි. එහෙත්, කිසිවෙක් මට සම්බ නො වී ය.
මක්නිසා ද, දවස ළඟ ය, සමිඳාණන් වහන්සේගේ දවස ළඟ ය, එය වලාකුළු සහිත දවසක් වන්නේ ය; ජාතීන්ගේ විනාශයේ දවසක් වන්නේ ය.
ඔවුන් තමන්ගේ රිදී වීදිවලට විසි කරනු ඇත. ඔවුන්ගේ රන් ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේ ය. සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණෙන දවසේ දී ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ගැළවෙන්න ඔව්හු අපොහොසත් වන්නෝ ය. එයින් ඔවුන්ගේ ආශාව තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔවුන්ගේ කුස පිරෙන්නේ වත් නැත. මන්ද, මේවා ඔවුන්ගේ අපරාධයට හේතු වන්නේ ය.
අහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.
“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය.
උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය; හඳ ලේ පාට වන්නේ ය.
කෝටි සංබ්‍යාත මහා ජනකායක් තීන්දු දීමේ මිටියාවතේ රැස් වී සිටිති. තීන්දු දීමේ මිටියාවතෙහි සමිඳුන්ගේ දවස ළං ව ඇත.
“අපට කරුණා කරන මෙන් දෙවියන් වහන්සේගෙන් අයැදින්න. එවැනි පූජාවක් ඔබේ අතින් පිළිගෙන සමිඳාණන් වහන්සේ ඔබට කරුණා කරන සේක් දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
“සමිඳාණන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවැසිවර එලියා නුඹලා වෙත එවන්නෙමි.
මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.
එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය.
ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.
මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.
ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි.