ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.
එපීස 2:8 - Sinhala New Revised Version ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබ ගැලවී සිටින්නේ අනුග්‍රහයෙනි; ඇදහිල්ල තුළිනි. ඔබගේ පරිශ්‍රමයෙන් නො වේ. එය දෙවියන්වහන්සේගේ තිළිණයයි. Sinhala New Revised Version 2018 ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය. Sinhala Revised Old Version මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය. |
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.
අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය.
එහෙත් උන් වහන්සේ, “ඔබේ ඇදහිල්ල ඔබට ගැළවීම ගෙන දුන්නේ ය, ශාන්ති සිතින් යන්නැ”යි ඒ ස්ත්‍රියට වදාළ සේක.
යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”
ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.
“ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි.
ජේසුස් වහන්සේ කතා කොට, “ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.
පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.
පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.
මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි.
එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, “මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක.
මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය.
එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ.
එසේ නොව, ඔවුන් මෙන් ම අපත් ගැළවෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු”යි කී ය.
ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක.
ඔව්හු පිළිතුරු දෙමින්, “ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැළවෙන්නෙහි ය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝ ද ගැළවෙන්නාහ”යි කී හ.
අදහා නොගත් කෙනෙකුට යැදුම් පුදන්නේ කෙසේ ද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේ ද? දේශකයෙකු නැති ව අසන්නේ කෙසේ ද?
ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන දෙසීමෙනි.
මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ, ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය.
එහෙත් එවැනි යමක් නොකරන අභක්තිකයන් දමිටු බවට පමුණුවන දෙවියන් වහන්සේ අදහන තැනැත්තා, ඔහුගේ ඇදහිල්ල නිසා දමිටු ලෙස පිළිගනු ලැබේ.
එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය.
මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.
එහෙත් මුළු ලොව ම පාපයෙහි සිරගත වී ඇතැ යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති බැවින්, අදහන අයට පමණක් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඇදහිල්ල කරණකොටගෙන පොරොන්දුව ලබාගත හැකි ය.
ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන, උන් වහන්සේගේ බලපරාක්‍රමයේ උදාරබව කිමෙක් ද කියාත්, ඔබ දැන ගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාච්ඤා කරමි.
මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.
අපේ වැරදි ක්‍රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා, ක්‍රිස්තුන් වහන්සේ සමඟ අප ජීවත් කර වදාළ සේක. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන් ය.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය.
මන්ද, බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන් වහන්සේ සමඟ වළලනු ලැබ, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහු ය.
ඔව්හු සමිඳාණන් වහන්සේගේ අභිමුඛයෙන් ද, උන් වහන්සේගේ තේජාන්විත ප්‍රතාපයෙන් ද ඉවත් කරනු ලැබ, සදාතන විනාශයේ දඬුවම විඳින්නෝ ය.
වරක් දහම් එළියෙන් පැහැදීම ලැබූවන් වැටී ගිය විට ඔවුන් නැවත පසුතැවී සිත් හරවා ගැනීමට පැමිණවීම කළ නොහැකි ය. ඔව්හු ස්වර්ගීය දීමනාව රසාස්වාදනය කර, ශුද්ධාත්මයාණන් සමඟ පංගුකාරයෝ වූ හ.
දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.