තවද, ඔබට කතා කරන්නේ ජෝසෙප් ම බව ඔබ සැමගේ නෙත්වලටත්, මා සොහොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත.
උත්පත්ති 45:11 - Sinhala New Revised Version තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය. Sinhala New Revised Version 2018 තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය. Sinhala Revised Old Version ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න. |
තවද, ඔබට කතා කරන්නේ ජෝසෙප් ම බව ඔබ සැමගේ නෙත්වලටත්, මා සොහොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත.
තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.
මුළු මිසර දේශය ම ඔබ ඉදිරියෙහි ඇත. රටේ හොඳ ම පළාතේ ඔබේ පියා හා සහෝදරයන් පදිංචි කරවන්න. මොවුන් ගෝෂෙන් පෙදෙසෙහි පදිංචි වුණා වේ. ඇරත් ඔවුන් අතර කාර්යක්ෂම මිනිසුන් ඇති බව ඔබ දන්නෙහි නම් මාගේ සත්ත්ව ගොවිපළ බලාගැනීමට ඔවුන් පත් කරන්නැ’යි කී ය.
එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය.
ජුදෙව් ජාතික මොර්දෙකයි නිලයෙන් දෙ වන වූයේ, අහෂ්වේරොෂ් රජුට පමණකි. ජුදෙව්වරුන් අතරේ ඔහු උත්තමයෙක් විය. සිය සහෝදර සමූහයාට ප්‍රිය මනාප කෙනෙක් ද විය. ඔහු සිය සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සාමදානය උදෙසා ක්‍රියා කෙළේ ය.
එහෙත් යම් වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නම්, තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුත්තෝ ඔව්හු ය. මන්ද, එය දෙවියන් වහන්සේට ප්‍රිය හෙයිනි.