නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.
උත්පත්ති 42:26 - Sinhala New Revised Version ඔව්හු කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් නික්ම ගියහ. Sinhala New Revised Version 2018 ඔව්හු කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් නික්ම ගියහ. Sinhala Revised Old Version එසේ ඔවුන්ට කරනලද්දේය. ඔව්හු තමන්ගේ කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් පිටත්ව ගියෝය. |
නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.
එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ.
ඉන්පසු ජෝසෙප්, ඔවුන්ගේ ගෝණි ධාන්‍යයෙන් පුරවා, සැම දෙනාගේ ම මුදල් එකිනෙකාගේ ගෝණිවල දැමීමටත්, ගමනට උවමනා ආහාර ඔවුන්ට දීමටත් අණ කෙළෙන්, ඔවුන්ට එලෙස කරන ලදී.
රාත්‍රියේ නැවතුම් පොළේ දී ඔවුන්ගෙන් කෙනෙක් තම කොටළුවාට කෑම දෙන පිණිස තම ගෝණිය හැරිය විට, තමාගේ මුදල් ගෝණි කටේ තිබෙනු දිටී ය.