එහෙත්, ඒ දේශයෙහි සාගතයක් පැවතිණි. සාගතය අති උග්‍ර වූ බැවින්, ආබ්‍රම් තාවකාලික පදිංචියට මිසරයට ගියේය.
උත්පත්ති 41:57 - Sinhala New Revised Version ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි. Sinhala New Revised Version 2018 ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි. Sinhala Revised Old Version සාගතය මුළු පොළොවෙහි බලවත්ව තිබුණු නිසා සියලු දේශ වාසීහු ධාන්‍ය මිලේට ගන්නා පිණිස මිසරයට යෝසෙප් වෙතට ආවෝය. |
එහෙත්, ඒ දේශයෙහි සාගතයක් පැවතිණි. සාගතය අති උග්‍ර වූ බැවින්, ආබ්‍රම් තාවකාලික පදිංචියට මිසරයට ගියේය.
ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය.
සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය.
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද?
මෙලෙස කානාන් දේශයේ ද සාගතය පැවතිණි, ධාන්‍ය මිලට ගැනීමට ආ අය අතර ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ ද වූ හ.
ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ.
ජෝසෙප් මිනිසුන්ට ධාන්‍ය විකුණා මිසර දේශයෙහි හා කානාන් දේශයෙහි සියලු මුදල් එකතු කොට ඒ මුදල් රාජකීය භාණ්ඩාගාරයෙහි තැන්පත් කෙළේ ය.
ඔබ නම් මට විරුද්ධ ව නපුරුකම් සිතුවහු ය. එහෙත් අද සිදු වී තිබෙන පරිදි, දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගළවනු පිණිස ඒවා යහපතට හැරෙවූ සේක.
එසේ නැත්නම්, සමිඳාණන් වහන්සේ වන ඔබ ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඊමට ඔබට නොහැකි වූ නිසාත්, ඔබ ඔවුන්ට වෛර කළ නිසාත්, ඔවුන් මරා දමනු පිණිස මේ පාළුකරයට ගෙනා සේකැ යි, මිසර වාසීන් කියනු ඇත.