Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 42:1 - Sinhala New Revised Version

1 මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මිසරයෙහි ධාන්‍ය තිබෙන බව යාකොබ් දැක තම පුත්‍රයන්ට කථාකොට: නුඹලා එකිනෙකා දෙස බල බලා සිටින්නේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:1
13 හුවමාරු යොමු  

එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ පිළිතුරු දුන් සේක: “නැඟිටින්න; නුඹ කුමක් නිසා මෙසේ මුණින් වැතිරී සිටින්නෙහි ද?


අනෙක් අතට, චර්මඡේදනය ලත් අයට සුබ අස්න දේශනා කිරීම පේදුරුට භාරවූවාක් මෙන්, චර්මඡේදනය නොලත් අයට එය දේශනා කිරීම මට භාර කරන ලද බව ඔව්හු පිළිගත්හ.


“එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය.


සෙනඟ මෙසේ අසති. “අපි කුමට නිකම් හිඳිමු ද? අපි එක්රැස් වී, පවුරු ඇති නගරවලට වැද එහි මැරෙමු. අප සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා, අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප විනාශයට පත් කොට, අපට බීමට වස දිය දී ඇත.


නැඟිටින්න, මේ ගැන වගකීම ඔබට අයිති ය; අපිත් ඔබට සහාය දෙමු. නිර්භීත ව ක්‍රියා කරන්නැ”යි එස්රාට කීවේ ය.


ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර,


මුළු සෙනඟ මේඝ ගර්ජනා හඬ සහ හොරණෑ ශබ්දය අසා, විදුලි කෙටීම් සහ දුම් දමන කන්ද දැක බියෙන් වෙව්ලමින්, බොහෝ ඈතින් සිටගත්හ.


‘නුඹලා දිනපතා සෑදිය යුතු ගඩොල් ගණනින් කිසිවක් අඩු නොකළ යුතු ය’යි පාරාවෝ කී පසු, ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු තමන්ට අපල කාලයක් උදා වී තිබෙන බව දුටහ.


බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය.


ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි.


ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්