මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය.
උත්පත්ති 34:10 - Sinhala New Revised Version මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය. Sinhala Revised Old Version මෙසේ නුඹලා අප සමඟ වාසය කරන්නහුය. දේශයද නුඹලා ඉදිරියෙහි තිබේ; මෙහි වාසයකරමින් වෙළඳාම්කර උරුම වාසි ලබාගන්නැයි කීවේය. |
මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය.
තවද අබිමෙලෙක් ඔහු අමතා, “මෙන්න, මාගේ රට ඔබ ඉදිරියෙහි ය. ඔබ එහි කැමැති තැනකට ගොස් පදිංචි වන්නැ”යි කී ය.
එවිට ෂෙකෙම් ඇගේ පියාට හා ඇගේ සොහොයුරන්ට කතා කොට, “ඔබ හැම මට කරුණාව පෙන්වනු මැනව! ඔබ මාගෙන් යමක් ඉල්ලන්නහු ද, එය මම දෙන්නෙමි.
තවද, නුඹලාගේ බාල ම සහෝදරයා මා වෙත ගෙනෙන්න; මෙයින් නුඹලා ඔත්තුකාරයන් නොවන බවත්, අවංක මිනිසුන් බවත් මම දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා ආපසු මම නුඹලාට දෙන්නෙමි. නුඹලාට ද රටේ වෙළහෙළඳාම් කළ හැකි ය’ කියා කීවේ ය”යි සැළ කළහ.
ඉශ්රායෙල් හෙවත් ජාකොබ් මිසර දේශයෙහි ගෝෂෙන් නම් පෙදෙසෙහි වාසය කෙළේ ය. ඔවුන්ට එහි ගම්බිම් අයිති විය. ඔව්හු සඵල ව බොහෝ සෙයින් වැඩි වර්ධනය වූ හ.