එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය.
උත්පත්ති 31:32 - Sinhala New Revised Version එහෙත්, ඔබ සතු කුල දේවතා රූප යමෙකු ළඟ තිබී ඔබට සම්බ වේ ද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ. අප පිරිස ඉදිරිපිට අප ළඟ ඇති දේ සොයා බලා, ඔබට සතු දේ ගන්නැ”යි කී ය. එහෙත්, රාකෙල් ඒ කුල දේවතා රූප සොරාගත් බව ජාකොබ් දැන සිටියේ නැත. Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ සතු කුල දේවතා රූප යමෙකු ළඟ තිබී ඔබට සම්බ වේ ද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ. අප පිරිස ඉදිරිපිට අප ළඟ ඇති දේ සොයා බලා, ඔබට සතු දේ ගන්නැ”යි කී ය. එහෙත්, රාකෙල් ඒ කුල දේවතා රූප සොරාගත් බව ජාකොබ් දැන සිටියේ නැත. Sinhala Revised Old Version කවරෙකු ළඟ නුමුත් නුඹේ දේවතාවෝ සම්බවෙත්ද ඔහු ජීවත් නොවේවා. නුඹේ යම් දෙයක් මා ළඟ තිබේද කියා අපේ සහෝදරයන් ඉදිරියේදී බලා එය ගන්නැයි කීවේය. මක්නිසාද රාඛෙල් ඒවා සොරාගත් බව යාකොබ් නොදත්තේය. |
එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය.
තවද, මාගේ අවංක භාවය ද ඔබට සොයාගත හැක. ඔබ මාගේ කුලිය ගැන සෝදිසි කර බලන විට, එළුවන් අතරෙන් තිත් හෝ පුල්ලි හෝ නැති එකෙකු වත් බැටළුවන් අතරෙන් කළු පාට නැති එකෙකු වත් මට සිටියොත් ඌ සොරාගත් එකෙකු සැටියට ඔබට ගණන් ගත හැකි ය”යි කීවේ ය.
ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.
ඔහු තමා කැටුව සිය පිරිස රැගෙන, සත් දිනක් ජාකොබ් ලුහුබැඳ ගොස් ගිලියද් කන්දේ දී ඔහුට ළඟා විය.
ඔබේ පියාගේ ගෘහය බලා යෑමට ඔබට බලවත් ආශාවක් ඇති වූ නිසා, පිටත් ව ගිය බව මම දනිමි. එහෙත්, ඔබ මා සතු කුල දේවතා රූප සොරාගත්තේ මන්දැ”යි ඇසී ය.
එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “ඔබ බලහත්කාරයෙන්, ඔබේ දූවරුන් මාගෙන් පැහැරගන්නට තැත් කරති යි කියා මම බිය වුණෙමි.
එවිට ලාබන් ජාකොබ්ගේ කූඩාරමට ඇතුළු විය. පසුව ලෙයාගේ කූඩාරමට සහ සේවිකාවන් දෙදෙනාගේ කූඩාරම්වලට ද ඇතුළු විය. එහෙත් කුල දේවතා රූප ඔහුට සම්බ නොවී ය. ඉන්පසු ඔහු ලෙයාගේ කූඩාරමින් පිට වී, රාකෙල්ගේ කූඩාරමට ඇතුළු විය.