ජාකොබ්ගෙන් වෙන් ව තුන් දිනක් දුර ගමන් කෙළේ ය. ජාකොබ් ද ලාබන්ගේ ඉතිරි බැටළු රැළවල් පෝෂණය කෙළේ ය.
උත්පත්ති 30:37 - Sinhala New Revised Version ඉන්පසු ජාකොබ්, ලිබ්නෝ, ලුස් සහ ආර්මොන් යන ගස්වලින් අමු දඬු ගෙන, ඒවායේ සුද පෙනෙන ලෙස, පටු තීරු වශයනේ පොතු ගලවා, Sinhala New Revised Version 2018 ඉන්පසු ජාකොබ්, ලිබ්නෝ, ලුස් සහ ආර්මොන් යන ගස්වලින් අමු දඬු ගෙන, ඒවායේ සුද පෙනෙන ලෙස, පටු තීරු වශයනේ පොතු ගලවා, Sinhala Revised Old Version යාකොබ් වනාහි ලිබ්නෝ, ලූස්, ආර්මොන් යන ගස්වලින් අමු කෝටු රැගෙන සුදු රේඛා වශයෙන් කොටුවල සුද පෙනෙන හැටියට ඒවායේ පොතු ඇර, |
ජාකොබ්ගෙන් වෙන් ව තුන් දිනක් දුර ගමන් කෙළේ ය. ජාකොබ් ද ලාබන්ගේ ඉතිරි බැටළු රැළවල් පෝෂණය කෙළේ ය.
එළු බැටළු රැළවල් වතුර බොන්න ආ විට, උන් ඉදිරිපිට, වතුර ඔරුවල ඒවා තැබුවේ ය. උන් ද වතුර බොන්න ආ කල පට්ටි ගැසුණි.
ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.
එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජෙරමියා, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “කලින් පිබිදෙන කොට්ටම්බා ගසක් මට පෙනේ ය”යි මම පිළිතුරු දිනිමි.
“දෙවියන් වහන්සේගේ උයනේ ඇති කිසි ම කිහිරි ගසක් එයට සම කළ නොහැකි විය. දේවදාර ගස් එහි අතුවලට සමාන නො වී ය. අර්මොන් ගස් එහි රිකිලිවලට සැසඳුව විට ගණනට ගත නොහැකි විය. දෙවියන් වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නො වී ය.