ඔහු ද උත්තර දෙමින්, “මා ඔබට කුමක් ගෙවිය යුතු දැ”යි ඇසූ විට, “ඔබ මට කිසිවක් දෙන්න උවමනා නැත. මා මේ කියන්න යන දේ ඔබ මට ඉටු කරන්නෙහි නම්, මම නොකඩවා ම ඔබේ බැටළු රැළ කවා පොවා රැකබලාගන්නෙමි.
උත්පත්ති 30:32 - Sinhala New Revised Version මම අද ඔබේ බැටළු පට්ටි මැදින් ගමන් කරමි. බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද එළුවන්ගෙන් තිත් සහ පුල්ලි ඇති උන් ද වෙන් කරමි. මාගේ කුලිය එය වේ. Sinhala New Revised Version 2018 මම අද ඔබේ බැටළු පට්ටි මැදින් ගමන් කරමි. බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද එළුවන්ගෙන් තිත් සහ පුල්ලි ඇති උන් ද වෙන් කරමි. මාගේ කුලිය එය වේ. Sinhala Revised Old Version මම අද නුඹේ මුළු රැළ අතරට ගොස් තිත් සහ ලප ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද එළුවන් අතරෙහි තිත් සහ ලප ඇති සියල්ලන්ද වෙන්කරන්නෙමි. එයාකාර එවුන් මාගේ කුලිය වන්නේය. |
ඔහු ද උත්තර දෙමින්, “මා ඔබට කුමක් ගෙවිය යුතු දැ”යි ඇසූ විට, “ඔබ මට කිසිවක් දෙන්න උවමනා නැත. මා මේ කියන්න යන දේ ඔබ මට ඉටු කරන්නෙහි නම්, මම නොකඩවා ම ඔබේ බැටළු රැළ කවා පොවා රැකබලාගන්නෙමි.
තවද, මාගේ අවංක භාවය ද ඔබට සොයාගත හැක. ඔබ මාගේ කුලිය ගැන සෝදිසි කර බලන විට, එළුවන් අතරෙන් තිත් හෝ පුල්ලි හෝ නැති එකෙකු වත් බැටළුවන් අතරෙන් කළු පාට නැති එකෙකු වත් මට සිටියොත් ඌ සොරාගත් එකෙකු සැටියට ඔබට ගණන් ගත හැකි ය”යි කීවේ ය.
එහෙත්, ලාබන් එදින එළුවන්ගෙන් වයිරම් සහ පුල්ලි වැටුණු උන් ද, එළු දෙනුන්ගෙන් තිත් සහ පුල්ලි සහිත සියලු සතුන් ද, සුදු පාට ඇති උන් ද, බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද වෙන් කර, තම පුතුන් හට බාර දී
“තවද සතුන් ගැබ්ගන්න කාලයේ දී මම සිහිනෙන්, නෙත් යොමා බැලූ විට මෙවැන්නක් දිටිමි: එනම්, දෙනුන් සමඟ පට්ටි ගසන බැටළුවෝ සියල්ලෝ ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් ඇත්තෝ වූ හ.
‘ඔබේ කුලිය පුල්ලි වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම පුල්ලි වැටුණු පැටවුන් ගැසූ හ. ‘ඔබේ කුලිය වයිරම් වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම වයිරම් වැටුණු පැටවුන් ගැසූ හ.