Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 30:32 - Sinhala Revised Old Version

32 මම අද නුඹේ මුළු රැළ අතරට ගොස් තිත් සහ ලප ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද එළුවන් අතරෙහි තිත් සහ ලප ඇති සියල්ලන්ද වෙන්කරන්නෙමි. එයාකාර එවුන් මාගේ කුලිය වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 මම අද ඔබේ බැටළු පට්ටි මැදින් ගමන් කරමි. බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද එළුවන්ගෙන් තිත් සහ පුල්ලි ඇති උන් ද වෙන් කරමි. මාගේ කුලිය එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මම අද ඔබේ බැටළු පට්ටි මැදින් ගමන් කරමි. බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද එළුවන්ගෙන් තිත් සහ පුල්ලි ඇති උන් ද වෙන් කරමි. මාගේ කුලිය එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:32
5 හුවමාරු යොමු  

ලප ඇතිවුන් නුඹේ කුලී වන්නේයයි ඔහු කී කල, මුළු රැළ ලප ඇතිවුන් බිහිකළෝය. රේඛා ඇතිවුන් නුඹේ කුලී වන්නෙහියයි කී කල, මුළු රැළ රේඛා ඇතිවුන් බිහිකළහ.


තවද රැළ ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේඛාද ලපද තිත්ද ඇතිවුන් බව දුටිමි.


ලාබන් ඒ දවසේම රේඛාද ලපද ඇති එළුවන් සහ තිත්ද ලපද ඇති එළුදෙනුන්ද යන යම් තැනක සුදුපාට ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද වෙන් කොට තමාගේ පුත්‍රයන් අතට භාරදී,


මා විසින් නුඹට කුමක් දිය යුතුදැයි ඔහු ඇසුවේය. එවිට යාකොබ්: නුඹ මට කිසිවක් දෙන්ට ඕනෑ නැත. ඉදින් මේක මට කරනවානම් මම නැවත නුඹේ රැළ පෝෂණය කොට බලාගන්නෙමි.


මෙසේ, නුඹ ඉදිරියෙහි තිබෙන මාගේ කුලිය සඳහා නුඹ එන කල්හි, මාගේ ධර්මිෂ්ඨකම මින් පසු මා වෙනුවට උත්තර දෙනවා ඇත. එළුවන් අතරෙහි තිත් සහ ලප නැත්තාවූද බැටළුවන් අතරෙහි කළුපාට නොවූද එකෙක්වත් මා වෙත සම්බවීනම් ඌ සොරකම්කරනලදැයි ගණන්ගත යුතුයයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්