ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 30:16 - Sinhala New Revised Version

සවස් කාලයේ දී ජාකොබ් කෙතේ සිට එන විට, ලෙයා ඔහු හමුවීමට ගොස්, “ඔබ මා වෙත පැමිණිය යුතු ය. මා පුතුන්ගේ දුදායිම් පැළ දීමෙන් මම ඔබ කුලියට ගත්තෙමි”යි ඈ කීවෙන් එදා රාත්‍රියේ ඔහු ඈ සමඟ සැතපුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සවස් කාලයේ දී ජාකොබ් කෙතේ සිට එන විට, ලෙයා ඔහු හමුවීමට ගොස්, “ඔබ මා වෙත පැමිණිය යුතු ය. මා පුතුන්ගේ දුදායිම් පැළ දීමෙන් මම ඔබ කුලියට ගත්තෙමි”යි ඈ කීවෙන් එදා රාත්‍රියේ ඔහු ඈ සමඟ සැතපුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යාකොබ් සවස් වේලෙහි කෙතෙන් එද්දී ලෙයා ඔහු සම්බවෙන්ට ගොස්: ඔබ මා කරා පැමිණෙන්ට ඕනෑය; මක්නිසාද මාගේ පුත්‍රයාගේ දුදායිම්වලින් ඔබ සැබවින් කුලියට ගත්තෙමියි කීවාය. ඔහු එදා රාත්‍රියෙහි ඈ සමඟ සයනය කෙළේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 30:16
3 හුවමාරු යොමු  

තිරිඟු අස්වැන්න නෙළන කාලයේ දී රූබන් කෙතට ගොස්, එහි, දුදායිම් නම් පැළ කීපයක් සොයාගෙන විත් තම මව වන ලෙයාට දුනි. එවිට රාකෙල් ඈට කතා කොට, “කරුණාකර, මට ඔබේ පුත්‍රයා ගෙනා දුදායිම් පැළවලින් ටිකක් දෙන්නැ”යි කීවා ය.


ඈ රාකෙල්ට උත්තර දෙමින්, “ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, “හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය.


දෙවියන් වහන්සේ ලෙයාට සවන් දුන් සේක; ඈ ගැබ්ගෙන ජාකොබ්ට දාව පස් වන පුතෙකු ලැබුවා ය.