බැටළු රැළවල් සියල්ල ම එතැනට එකතු වූ විට, එඬේරු ළිං කටින් ගල පෙරළා බැටළුවන්ට වතුර දුන් පසු, ළිං කටේ තිබූ තැන ම ගල නැවත තැබූ හ.
උත්පත්ති 29:8 - Sinhala New Revised Version ඔව්හු උත්තර දෙමින්, “බැටළු රැළවල් සියල්ල ම එකතු කර, ළිං කටින් ගල පෙරළාදමන තුරු, අපට එසේ කළ නොහැක. බැටළුවන්ට වතුර දෙන්නේ එවිට ය”යි කී හ. Sinhala New Revised Version 2018 ඔව්හු උත්තර දෙමින්, “බැටළු රැළවල් සියල්ල ම එකතු කර, ළිං කටින් ගල පෙරළාදමන තුරු, අපට එසේ කළ නොහැක. බැටළුවන්ට වතුර දෙන්නේ එවිට ය”යි කී හ. Sinhala Revised Old Version සියලු රැළවල් එක්වෙන තුරු අපට නුපුළුවන, එවිට ළින් කටින් ගල අහකට පෙරළුවාම අපි බැටළුවන්ට වතුර පොවමුයයි ඔව්හු කීවෝය. |
බැටළු රැළවල් සියල්ල ම එතැනට එකතු වූ විට, එඬේරු ළිං කටින් ගල පෙරළා බැටළුවන්ට වතුර දුන් පසු, ළිං කටේ තිබූ තැන ම ගල නැවත තැබූ හ.
එවිට ජාකොබ්, “තවමත් මද්දහන ය. බැටළු රැළවල් රැස් කරන වේලාව නොවෙයි; එබැවින් බැටළුවන්ට වතුර දී, තණ බිමට ඔවුන් ආපසු ගෙනයන්නැ”යි කී ය.
ජාකොබ් මෙසේ ඔවුන් සමඟ කතා කරමින් සිටිය දී රාකෙල් තම පියාගේ බැටළුවන් සමඟ පැමිණියා ය. මන්ද, උන් රැකබලාගත්තේ ඈ ය.
සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි.
ඔව්හු, “අපට සොහොන් ගෙයි දොරකඩින් ගල ඉවතට පෙරළා දෙන්නේ කවරෙක් දැ”යි ඔවුනොවුන් අතර විමසූ හ.
ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “අනාගතවක්තෘ මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය.