Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 29:8 - Sinhala Revised Old Version

8 සියලු රැළවල් එක්වෙන තුරු අපට නුපුළුවන, එවිට ළින් කටින් ගල අහකට පෙරළුවාම අපි බැටළුවන්ට වතුර පොවමුයයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔව්හු උත්තර දෙමින්, “බැටළු රැළවල් සියල්ල ම එකතු කර, ළිං කටින් ගල පෙරළාදමන තුරු, අපට එසේ කළ නොහැක. බැටළුවන්ට වතුර දෙන්නේ එවිට ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔව්හු උත්තර දෙමින්, “බැටළු රැළවල් සියල්ල ම එකතු කර, ළිං කටින් ගල පෙරළාදමන තුරු, අපට එසේ කළ නොහැක. බැටළුවන්ට වතුර දෙන්නේ එවිට ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:8
8 හුවමාරු යොමු  

ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය.


ඔව්හු: අපට සොහොන්ගෙයි දොරකඩින් ගල අහකට පෙරළා දෙන්නේ කවුදැයි ඔවුනොවුන් අතරේ කථාකළෝය.


ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය.


අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.


සියලු බැටළු රැළවල් එතැනට රැස්කර, ළින් කටින් ගල අහකට පෙරළා, බැටළුවන්ට වතුර පොවා ගල ළින් කටෙහි තිබුණු තැන්හිම නැවත තබති.


ඔහුද: තවම දහවල්ය, ගවයන් රැස් කිරීමට කල් නොවෙයි. බැටළුවන්ට වතුර පොවාගෙන ගොස් උන්ට කවන්නැයි කීය.


ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම රාඛෙල් තම පියාගේ බැටළුවන් සමඟ ආවාය; මක්නිසාද ඈ බැටළුපාළියක් වූවාය.


ඔව්හු නුවර නැගුමේ යන කල, යෞවනියන් වතුර අදින පිණිස පිටතට එනවා ඔවුන්ට සම්බව: දිවස් ඇත්තා මෙහි ඉන්නවාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්