“එසේ නම් නුඹ පිළියෙළ කළ මුව මස් අනුභව කොට මා නුඹට ආශීර්වාද කරනු පිණිස එය මා ළඟට ගෙනෙන්නැ”යි ඊසාක් කී ය. ඔහු එය පියා ළඟට ගෙනා විට පියා එය අනුභව කෙළේ ය. තවද ජාකොබ් මිදියුස ද ගෙනා විට, පියා එය ද පානය කෙළේ ය.
උත්පත්ති 27:26 - Sinhala New Revised Version ඉන්පසු ඔහුගේ පියා වන ඊසාක්, ඔහු අමතමින්, “පුතා, දැන් මා ළඟට කිට්ටු වී මා සිඹින්නැ”යි ඉල්ලී ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහුගේ පියා වන ඊසාක්, ඔහු අමතමින්, “පුතා, දැන් මා ළඟට කිට්ටු වී මා සිඹින්නැ”යි ඉල්ලී ය. Sinhala Revised Old Version එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඉතින් මාගේ පුත්‍රය, ළඟට අවුත් මා සිඹගන්නැයි ඔහුට කීය. |
“එසේ නම් නුඹ පිළියෙළ කළ මුව මස් අනුභව කොට මා නුඹට ආශීර්වාද කරනු පිණිස එය මා ළඟට ගෙනෙන්නැ”යි ඊසාක් කී ය. ඔහු එය පියා ළඟට ගෙනා විට පියා එය අනුභව කෙළේ ය. තවද ජාකොබ් මිදියුස ද ගෙනා විට, පියා එය ද පානය කෙළේ ය.
ඔහු ද ළඟට කිට්ටු වී පියා සිඹගත්තේ ය. එවිට පියාට තම පුත්‍රයාගේ වස්ත්‍රවල සුවඳ දැනී, ඔහුට මෙසේ ආශීර්වාද කෙළේ ය: “බලන්න, මා පුතු සුවඳ, සමිඳුන් ආසිරි දුන් කෙතක සුවඳ මෙනි.
ජෝවාබ් රජු ළඟට අවුත් එපවත් ඔහුට දැන්වී ය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට අවුත්, රජු ඉදිරියෙහි මුණින්තළා වී වැන්දේ ය. රජ ද අබ්සලොම් සිඹගත්තේ ය.
එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය.