ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 26:18 - Sinhala New Revised Version

ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබු හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබූ හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද තම පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී හාරනලද්දාවූ, ආබ්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්තිවරුන් විසින් වසාදමා තිබුණාවූ වතුර ඇති ළින් ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණාවූ නාම ඒ ළින්වලට තැබුවේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 26:18
10 හුවමාරු යොමු  

ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය.


ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය.


එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.


ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය.


ඊසාක්ගේ මෙහෙකරුවන් මිටියාවතේ ළිං කණින විට ඔවුන්ට එහි දිය උල්පත් සහිත ළිඳක් සම්බ විය.


ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.


අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි; ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි.


මම බාල් දෙවිවරුන්ගේ නම් ඇගේ මුවින් ඉවත් කරන්නෙමි. ඒ නාම තවත් පවසනු නොලබන්නේ ය.


ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි.


නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ.