අබිමෙලෙක් ඊසාක් කැඳවා, “නිසැක ව ම ඈ ඔබේ භාර්යාව ය; එසේ නම්, ‘ඈ මාගේ සහෝදරී ය’යි ඔබ කීවේ කෙසේ දැ”යි ඇසී ය. ඊසාක් ඔහුට කතා කොට, “ඈ නිසා මට මැරෙන්න වේ යයි සිතා මම එසේ කීවෙමි”යි පිළිතුරු දුනි.
උත්පත්ති 26:10 - Sinhala New Revised Version එවිට අබිමෙලෙක්, “ඔබ අපට කළ මේ දේ කුමක් ද? සෙනඟගෙන් කෙනෙක් ලෙහෙසියෙන් ම ඈ සමඟ සේවනයෙහි යෙදෙන්නට තිබිණි. එසේ වී නම්, ඔබ නිසා අප පිට වරද පැමිණෙන්නට තිබුණේ ය”යි කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට අබිමෙලෙක්, “ඔබ අපට කළ මේ දේ කුමක් ද? සෙනඟගෙන් කෙනෙක් ලෙහෙසියෙන් ම ඈ සමඟ සේවනයෙහි යෙදෙන්නට තිබිණි. එසේ වී නම්, ඔබ නිසා අප පිට වරද පැමිණෙන්නට තිබුණේ ය”යි කීවේ ය. Sinhala Revised Old Version අබිමෙලෙක්: නුඹ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් නුඹේ භාර්යාව සමඟ සයනයකළ හැකිව තිබුණේය, එවිට නුඹ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය. |
අබිමෙලෙක් ඊසාක් කැඳවා, “නිසැක ව ම ඈ ඔබේ භාර්යාව ය; එසේ නම්, ‘ඈ මාගේ සහෝදරී ය’යි ඔබ කීවේ කෙසේ දැ”යි ඇසී ය. ඊසාක් ඔහුට කතා කොට, “ඈ නිසා මට මැරෙන්න වේ යයි සිතා මම එසේ කීවෙමි”යි පිළිතුරු දුනි.
පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය.