ඔහු ජාකොබ්ට කතා කොට, “කරුණාකර, ඔය රතු පාට ව්‍යංජනයෙන් කෑමට මට දෙන්න; බලන්න, මට හරි මහන්සි ය”යි කී ය. මේ කරුණ නිසා ඔහුට ඒදොම් යන නම දෙන ලදී.
උත්පත්ති 25:29 - Sinhala New Revised Version දිනක් ජාකොබ් ව්‍යංජනයක් පිළියෙළ කෙළේ ය. එවිට ඒසව් බොහෝ විඩාවට පත් ව, කෙතෙහි සිට පැමිණියේ ය. Sinhala New Revised Version 2018 දිනක් ජාකොබ් ව්‍යංජනයක් පිළියෙළ කෙළේ ය. එවිට ඒසව් බොහෝ විඩාවට පත් ව, කෙතෙහි සිට පැමිණියේ ය. Sinhala Revised Old Version යාකොබ් කෑමක් පිසමින් සිටිය විට ඒසව් වනයේ සිට ක්ලාන්තව අවුත්: |
ඔහු ජාකොබ්ට කතා කොට, “කරුණාකර, ඔය රතු පාට ව්‍යංජනයෙන් කෑමට මට දෙන්න; බලන්න, මට හරි මහන්සි ය”යි කී ය. මේ කරුණ නිසා ඔහුට ඒදොම් යන නම දෙන ලදී.
ඉන්පසු ජාකොබ් රොටි සහ එලවළු ව්‍යංජනය ඒසව්ට දුනි. ඔහු කා බී, නැඟිට යන්න ගියේය. මෙසේ ඒසව් සිය කුලුඳුල්කමට හිමි උරුමය සුළු කොට සැලකී ය.
එලිෂා ගිල්ගාල් නුවරට නැවත ගොස් සිටිය දී දේශයෙහි දුර්භික්ෂයක් තිබිණි. දිවැසිවරු කණ්ඩායම ඔහු ඉදිරියෙහි වාඩි වී උන්නෝ ය. ඔහු තමාගේ මෙහෙකරුවා අමතා, “ලොකු සැළිය ලිපේ තබා දිවැසිවරයන්ට කෑම පිසින්නැ”යි කී ය.
එක් කෙනෙක් පලා එකතු කරන්නට කෙතට ගොස්, වල් කැකිරි වැලක් සම්බ වී, එයින් ගෙඩි කඩා ගෙන තමාගේ ඔඩොක්කුව පුරවාගන අවුත්, ඒවා කෑලි කොට කපා කෑම සැළියේ දැමී ය. එහෙත්, ඔව්හු, “ඒ මොනවා දැ”යි නොදත්හ.
යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙනයම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ.
එවිට සෙනඟගෙන් එක් කෙනෙක් කතා කොට, “ඔබේ පියා අද කෑම කන මනුෂ්‍යයාට සාප වේවා යි කියා කෑම නොකන හැටියට සෙනඟගෙන් දිවුරුමක් ගත්තේ ය. ඒ නිසා සෙනඟ විඩාවට පත් වී සිටිති”යි කීවේ ය.
ඒ දවසේ දී ඉශ්රායෙල්වරු මික්මාෂ් පටන් අයාලෝන් දක්වා පිලිස්තිවරුන්ට පහර දුන්නෝ ය. සෙනඟ බොහෝ සේ විඩාවට පත් වී සිටියෝ ය.