Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 25:29 - Sinhala Revised Old Version

29 යාකොබ් කෑමක් පිසමින් සිටිය විට ඒසව් වනයේ සිට ක්ලාන්තව අවුත්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 දිනක් ජාකොබ් ව්‍යංජනයක් පිළියෙළ කෙළේ ය. එවිට ඒසව් බොහෝ විඩාවට පත් ව, කෙතෙහි සිට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 දිනක් ජාකොබ් ව්‍යංජනයක් පිළියෙළ කෙළේ ය. එවිට ඒසව් බොහෝ විඩාවට පත් ව, කෙතෙහි සිට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:29
10 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.


එවිට සෙනඟගෙන් එක්කෙනෙක් කථාකරමින්: නුඹේ පියාණෝ අද කෑම කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ තදින් දිවුරෙවුවාහ. මෙසේ සෙනඟද විඩාවී සිටිතියි කීවේය.


ඔව්හු ඒ දවසේදී මික්මාෂ් පටන් ආයලොන් දක්වා පිලිස්තිවරුන්ට පහරදුන්නෝය. සෙනඟ ඉතා විඩාවී සිටියෝය.


මම ක්ලාන්තව සිටිමි, එබැවින් ඔය රතුපාට කෑමෙන් ටිකක් මට දෙන්නැයි යාකොබ්ට කීය. එබැවින් ඔහුගේ නම ඒදොම් වූයේය.


එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළුකෙළේය.


එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.


එක්කෙනෙක් පලා එකතුකරන්ට කෙතට ගොස් වල් වැළක් සම්බවී එයින් වල් කැකිරි කඩා තමාගේ ඔඩොක්කුව පුරවාගෙන ඇවිත් ඒවා කෑලිකොට කපා කෑම සැළියේ දැමීය. මක්නිසාද ඔව්හු ඒ මොනවාදැයි දැන නොගත්තෝය.


යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්