ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 24:16 - Sinhala New Revised Version

ඒ තරුණිය රූමත් ය. ඈ කන්‍යාංගනාවකි; කිසි ම පුරුෂයෙකු සමඟ සම්බන්ධයක් නොවී ය. ඈ ළිඳට බැස කළය පුරවාගෙන, උඩට පැමිණියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ තරුණිය රූමත් ය. ඈ කන්‍යාංගනාවකි; කිසි ම පුරුෂයෙකු සමඟ සම්බන්ධයක් නොවී ය. ඈ ළිඳට බැස කළය පුරවාගෙන, උඩට පැමිණියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ තරුණී ඉතා ශෝභන පෙනීමක් ඇත්තියක්ය, කන්‍යාවක්ය, ඈ පුරුෂයෙකු නොහැඳින සිටියාය. ඈ උල්පත ළඟට බැස කළය පුරවාගෙන ගොඩට ආවාය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 24:16
7 හුවමාරු යොමු  

ඔහු මිසරයට සමීප වූ කල සිය බිරිඳ වන සාරයි අමතා, “මට සවන් දෙන්න, ඔබ කෙතරම් සුරූපී කාන්තාවක් දැ යි මම දනිමි.


එහි සිටි මිනිස්සු ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විමසුවෝ ය. ඔහු ද, “ඈ මාගේ සහෝදරීය”යි කී ය. “ඈ මගේ භාර්යාව ය”යි කීමට ඔහු බිය වූයේ, රෙබෙකා රූමත් බැවින් ඈ නිසා ‘ඔවුන් මා මරති’යි සිතූ නිසා ය.


ලෙයාගේ ඇස් සිවුමැලි ය; රාකෙල් රූමත් ය, සුකොමල ය,


පොතිපර් තමා සතු සියල්ල ජෝසෙප්ගේ අතට බාර දුනි. ඔහු තමා අනුභව කළ ආහාර ගැන මිස තමා සතු අන් කිසිවක් ගැන සැලකුවේ නැත. ජෝසෙප් කඩවසම් පෙනුමක් ඇති, රූපසම්පන්න කෙනෙක් විය.


ආදම් සිය භාර්යාව වන ඒව සමඟ එක් විය. ඈ දරුවෙකු පිළිසිඳගෙන, ඔහු උපන් කල, “සමිඳාණන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි”යි කීවා ය. එබැවින් ඈ ඒ දරුවාට කායින් යන නම දුන්නා ය.


මම නිදාගෙන සිටියෙමි. එහෙත්, මාගේ සිත පිබිද තිබිණි. අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ඔහු මා අමතමින් මෙසේ කී ය; මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න. මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ.