මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
උත්පත්ති 24:1 - Sinhala New Revised Version ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි. Sinhala New Revised Version 2018 ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි. Sinhala Revised Old Version ආබ්‍රහම් මහලුව වයෝවෘද්ධව සිටියේය. ස්වාමීන්වහන්සේ සියල්ලෙහි ආබ්‍රහම්ට ආශීර්වාදකර තිබුණේය. |
මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවෙතකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ.
මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.
ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.
ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි; ඔබට ආසිරි සිරි දෙන සියලු බලැති දෙවිඳුන් විසිනි, ඉහළ අහසින් ආසිරි ද පහළ ගැඹුරින් ආසිරි ද පියයුරු හා කුස තුළ ආසිරි ද
දාවිත් රජු මහලු ව වයස්ගත ව සිටි කල කම්බිලිවලින් වසනු ලැබූ නමුත්, ඔහුට උණුසුම ලැබුණේ නැත.
නුඹලාගේ ආදි පිය වූ ආබ්‍රහම් ද නුඹලා ප්‍රසූත කළ සාරා ද ගැන සිතා බලන්න. මා ආබ්‍රහම් කැඳෙවු විට ඔහුට දරු සම්පතක් නො වී ය. එහෙත්, මම ඔහුට ආශීර්වාද කර දරු පරපුරක් දිනිමි.
එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.
ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!
මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි.